උමර් ඉබ්නුල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත සිරකරුවන් පැමිණියෝය. එවිට සිරකරුවන් අතර කාන්තාවක් සිටියා ය. ඇය සිරකරුවන් අතර සිටින ඇගේ දරුවා දුටු වහාම ඔහු රැගෙන ඇගේ කුසට තුරුල් කර ගනිමින් ඔහුට කිරි පොවන්නට වූවාය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ: “මෙම කාන්තාව ඇගේ දරුවා නිරා ගින්නට විසි කරනු ඇතැයි ඔබ සිතන්නෙහුද?“ යැයි විමසූහ. අපි: "නැත, ඇයට ඔහුව ඉවත දැමිය නොහැක" යැයි පිළිතුරු දුනිමු. එවිට එතුමාණෝ: “ඇය මේ දරුවාට දැක් වූ ආදරයට වඩා අල්ලාහ් තම ගැත්තාට ඉතා ආදරවන්තය.“ යැයි පැවසූහ. صحيح - متفق عليه
explain-icon

විවරණය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත හවාසින් සිරකරුවන් ගෙන එන ලදී. එවිට ඔවුන් අතරින් තම දරුවා සොයමින් සිටි කාන්තාවක් ද සිටියා ය. ඇය දරුවා දුටු වහාම තම තන්පිඩුවල කිරි පෙවීමට ඔහුව තුරුල් කර ගන්නට සිතුවා ය. එලෙස ඇ‌ගේ දරුවා සිරකරුවන් අතර විය. ඔහුව රැගෙන කුසට තුරුල් කර ගෙන කිරි පොවන්නට වූවා ය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: මෙම කාන්තාව ඇගේ දරුවා අපා ගින්නට විසි කරනු ඇතැයි ඔබ සිතන්නෙහුද? අපි: "ඇය කවරදාකවත් කැමැත්තෙන් ඔහුව ඉවත දමන්නේ නැත" යැයි පැවසුවෙමු. එවිට එතුමාණෝ: “ඇය මේ දරුවාට දක්වන ආදරයට වඩා අල්ලාහ් තමන්ට අවනත වන තම ගැත්තන් හට ඉතා ආදරවන්ත ය.“ යැයි පැවසූහ.

explain-icon

හදීසයේ හරය

  • අල්ලාහ් තම ගැත්තන් හට දක්වන ඉමහත් ආදරය හා කරුණාව. සැබැවින්ම ඔහු ඔවුනට යහපත හා ස්වර්ගයත් අපා ගින්නෙන් මිදීමත් පතනු ඇත.
  • සිදුවීම් තුළින් ඵල නෙලා ගැනීම හා එය මගපෙන්වීමේ දී හා ඉගැන්වීමේ දී සම්බන්ධ කර ගැනීම.
  • දේවත්වය විශ්වාස කරන්නා අල්ලාහ් පිළිබඳ යහපත් සිතුවිලි ඇති කර ගත යුතුයි. අල්ලාහ් කෙරෙහි ඇති භක්තිය, ඔහුගේ දහම මත පදනම් වූ ස්ථාවරභාවය සමග බලාපොරොත්තු සුන් කර නොගත යුතුය. මක්නිසාදයත් සැබැවින්ම සුවිශුද්ධ ඔහු මහත් කරුණා ගුණයෙන් යුක්තය.