අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අල්ලාහ් මැවීම් මැවූ කල්හි, සැබැවින්ම මාගේ කරුණාව මාගේ කෝපය අබිබවා යනු ඇත යැයි අර්ෂ් හෙවත් දේව රාජධානියට ඉහලින් ඔහු අබියස ඇති ලේඛනයක ලිවීය.” තවත් වාර්තාවක: ‘එය මාගේ කෝපය අබිබවා ගොස් ඇත.’ තවත් වාර්තාවක: ‘එය මාගේ කෝපය පසුකර ගොස් ඇත.’ පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

කීර්තිමත් සර්වබලධාරී අල්ලාහ් සියලු මැවීම් මැවූ කල්හි අර්ෂයට ඉහලින් ඔහු අබියස ඇති ලේඛනයක: ‘සැබැවින්ම මාගේ කරුණාව මාගේ කෝපටයට වඩා අධිකව ඉහවහා ගොස් ඇත. යැයි ලිවීය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කළේය. “මාගේ කරුණාව සියලු දෑහි ව්යාප්තව ඇත.” මෙය අපේක්ෂාභංගත්වයෙන් තොර වීම සඳහා මුස්ලිම්වරයා දිරි ගන්වනු ඇත.

explain-icon

අමතර