යහපත් දෑ හා අයහපත් දෑ අල්ලාහ් නියම කර ඇති බවත් අනතුරුව එය ලියනුයේ කෙසේදැ?යි ඔහු මලක්වරු දෙදෙනාට පැහැදිලි කළ බවත් දූතයාණෝ පැහැදිළි කර සිටියහ. එබැවින් කවරෙකු යම් යහපතක් සිතා, අදිෂ්ඨාන කොට, පසුව එය සිදු නොකළ ඔහුට කුසලක් ලියනු ලැබේ. ඔහු එය ඉටු කළේ නම්, කුසල් දහයේ සිට හත්සීය දක්වා ද ඊට වඩා අධික ගුණයෙන් ද ගුණ කරනු ලැබේ. අධික කුසල් පිහිටනුයේ සිත තුළ පවතින අවංකභාවය හා ප්‍රතිඵල වැඩියෙන් බලාපොරොත්තු වීම යනාදිය තුළිනි. එමෙන්ම කවරෙකු හෝ යම් නපුරක් සිතා එය අදිෂ්ඨාන කර පසුව එය අල්ලාහ් වෙනුවෙන් අත්හැර දැමුවේ නම්, ඔහුට කුසලක් ලියනු ලැබේ. අදාළ කරුණ සිදු කිරීමෙන් තොරව එහි නිරතවෙමින් හිඳ, පසුව අත්හැරියේ නම්, ඔහුට කිසිවක් ලියනු ලැබේ. ඔහු එයට නොහැකියාව හේතුවෙන් එය අත් හැරියේ නම් ඔහුගේ චේතනාව ලියනු ලැබේ. ඔහු එය සිදු කළේ නම්, එක් පාපයක් පමණක් ලියනු ලැබේ.