දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ට හිමි අල්ලාහ්ගේ භාග්‍යයේ මහිමය හා දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරුන් සමග වන ඔහුගේ යුක්තිය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි පැහැදිලි කර සිටියි. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා වනාහි, ඔහු සිදු කළ යහපතෙහි කුසල් ඔහුට අඩු නොකෙරේ. ඔහුගේ අවනතභාවය සඳහා මෙලොවෙහි යහපත පිරිනමන අතරම ඒ සඳහා මතුලොවෙහි ඔහු වෙනුවෙන් ප්‍රතිඵල රැස් කරනු ඇත. සියලු ප්‍රතිඵල ඔහු වෙතුවෙන් මතුලොවෙහි සංරක්ෂණය කෙරේ. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වරයා වනාහි, ඔහු සිදු කරන යහපත සඳහා ප්‍රතිඵල මෙලොවෙහි යහපත තුළින් ඔහුට පිරිනමනු ලබන අතර ඔහු මතුලොවට පිවිසෙන තෙක් එය පවතී. නමුත් ඒ සඳහා ප්‍රතිඵල පිරිනමන තරමට කුසල් ඔහුට එහි නොවනු ඇත. හේතුව දෙලොවටම ප්‍රයෝජනවත් වන දැහැමි ක්‍රියාවක් වීමට නම් ඔහු දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු ලෙස සිටිය යුතුය.