නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අබ්දුල්ලාහ් ඉබ්නු ජුද්ආන් පිළිබඳ ව දන්වා සිටියහ. ඔහු ඉස්ලාමයට පෙර කුරෙයිෂ් ප්‍රධානින් අතරින් කෙනෙකු විය. ඔහුගේ යහපත් ක්‍රියාවන් සමහරක් විය. සැබැවින්ම ඔහු ඔහුගේ ඥාතීන් සමග සම්බන්ධකම් පැවැත්විය. ඔවුන් සමග උපකාර ශීලීව කටයුතු කළේය. දුප්පතුන්ට ආහාර සැපයීය. මෙලෙස ඉස්ලාමය උනන්දු කර ඇති වෙනත් ගුණ ධර්ම ද සිදු කළේය. එනමුත් සැබැවින්ම ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ මතුලොව ජීවිතයේ ඔහුට කිසිවිටෙක ප්‍රයෝජනවත් වන්නේ නැත. ඊට හේතුව ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළ බැවින් සහ කිසිවිටෙක 'මාගේ පරමාධිපතියාණනි, විනිශ්චය දිනයේ මාගේ වැරදිවලට මට සමාව දෙනු මැනව' යැයි ඔහු පවසා නැති බැවිනි.