මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම මහප්පා වන අබූ තාලිබ් වෙනුවෙන් එතුමාණන් පෙනී සිටිනු පිණිසත්, ඔහු වෙනුවෙන් ඉස්ලාමය ගැන සාක්ෂි දරනු පිණිසත් ඔහු මරණ වේදනාවේ සිටිය දී ලා ඉලාහ ඉල්ලල්ලාහු යැයි පවසන මෙන් එතුමාණෝ ඔහුගෙන් ඉල්ලා සිටියහ. නමුත් කුරෙයිෂ්වරු දොස් නගා මරණය හේතුවෙන් හා දුර්වලකම හේතුවෙන් ඔහු ඉස්ලාමය වැළඳ ගත් බව පවසනු ඇතැයි බියෙන් සාක්ෂියේ ප්‍රකාශය පවසන්නට ඔහු ප්‍රතික්ෂේප කළේය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට ඔහු මෙසේ පැවසීය: "එය එසේ නොවී නම්, සාක්ෂියේ ප්‍රකාශය තුළින් ඔබේ හදවතට ප්‍රීතිය ප්‍රවේශ කරවමි. ඔබ සෑහීමකට පත්වන තුරු ඔබේ කැමැත්ත මම ඔබට දන්වා සිටිමි. එවිට ඉස්ලාමයේ භාග්‍යය ආශිර්වාද කිරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට අයිතියක් නැති බවත්, තමන් කැමති අයට ආශිර්වාද කරනුයේ අල්ලාහ් පමණක් බවත් පෙන්වා දෙන පාඨය උත්තරීතර අල්ලාහ් පහළ කළේය. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මිනිසුන්ට මග පෙන්වූ සාධක, පැහැදිලි කිරීම්, මඟපෙන්වීම්, ඍජු මාර්ගය වෙත ඇරයුම් කිරීම් තුළිනි.