හකීම් ඉබ්නු හිසාම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අඥාන යුගයේ මම පුණ්‍ය කටයුතු, වහලුන් නිදහස් කිරීම් සහ ඥාතී සබඳතා පැවැත්වීම් වැනි ක්‍රියාවන් සිදු කරමින් ආවෙමි. ඒවායෙහි මට යම් ප්‍රතිඵලයක් තිබේ ද? ඒ ගැන ඔබේ අදහස කුමක් ද? යැයි විමසුවෙමි. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ "ඔබ එම සියලු යහපත් ක්‍රියාවන් මත ඉස්ලාමය වැළඳ ගෙන ඇත" යැයි පිළිතුරු දුන්හ. صحيح - متفق عليه