අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ජුහයිනා ගෝත්රයේ අල් හුරුකා ප්රජාව වෙත උසාමා ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හුමා) තුමාව ගවේෂණ කණ්ඩායමක එවූහ. ඔවුහු එම පිරිසට ළඟා වූ කල්හි ඔවුන්ව ආක්රමණය කළෝය. දෙවත්වයට ආදේශ තබන්නන් අතරින් මිනිසෙකු පලා යන්නට තැත් කළේය. එවිට උසාමා හා තවත් අන්සාරි පුද්ගලයකු ඔහුව හමු වූ කල්හි ඔවුන් දෙදෙනා ඔහුව ලුහුබැද ගොස් මරා දමන්නට සිතූහ. පසුව ඔහුව අල්ලාගත් කල්හි ඔහු: ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යැයි පැවසීය. ඔහු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යැයි පැවසූ හේතුවෙන් අන්සාරී පුද්ගලයා ඔහුව අතහැර දැමූ නමුත් උසාමා ඔහුව ඝාතනය කළේය. ඔවුහු මදීනාවට නැවත හැරී ආ කල්හි එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට දැන ගන්නට ලැබිණ. එවිට එතුමා උසාමා දෙස බලා “‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යැයි පැවසීමෙන් පසුවද ඔබ ඔහුව මරා දැමුවේ” යැයි විමසූහ. ඔහු: එසේය, අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු එසේ පවසා සිටියේ ඝාතනය කරනු ලැබීමෙන් ආරක්ෂාව ලබා ඉන් වාසි ලබනු පිණිසය. එතුමා නැවතත්: ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි පැවසීමෙන් පසුව ද ඔබ ඔහු ඝාතනය කළේ? යැයි විමසූහ. එසේය. ඔහු ඝාතනයට ලක්වීමෙන් ආරක්ෂාව පතනු පිණිසය ඔහු එය පවසා සිටියේ. සැබැවින්ම ඔහු මුස්ලිම්වරුන්ට හිංසා කර තිබිණ. ඔවුන් අතර මේ මේ පුද්ගලයින් මරා දමා තිබිණ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔහුට: එය ස්ථීර කර ගන්නා පරිදි තහවුරු කර ගනු පරිදි ඔබ ඔහුගේ හදවත පළා බැලුවෙහි ද? මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණි විට, ඔබ ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන ප්රකාශය සමග කටයුතු කරනුයේ කෙසේද? ඔබ වෙනුවෙන් මැදිහත් වන්නේ කවරෙකු ද? ඔබ වෙනුවෙන් තර්ක කරනුයේ කවරෙකු ද? තව්හීද් හි ප්රකාශය ගෙන එනු ලැබ, එය පැවසූ අය ව ඔබ ඝාතනය කළේ කෙසේ දැ?යි විමසනු ලැබූ විට ඒ ගැන වාද කරනුයේ කවරෙකු ද? උසාමා රළියල්ලාහු අන්හු තුමා මෙසේ පවසා සිටියහ. මෙදිනට පෙර මම ඉස්ලාමය වැළඳගෙන නොසිටියා නම් යැයි සිතන තරමටම එය විය. සැබැවින්ම ඔහු දේවත්වය ප්රතික්ෂේප කරන්නෙකු වී පසුව ඔහු ඉස්ලාමය වැළඳ ගත්තේ නම්, අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. නමුත් ඔහු දැන් මෙම ක්රියාව කර ඇත්තේ මුස්ලිම්වරයකු ලෙස සිටියදීය.