අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ඔබ අතරින් යමෙකු වෙත ෂෙයිතාන් පැමිණ: "මෙසේ මැව්වේ කවු ද? එසේ මැව්වේ කවු ද? අවසානයේ ඔබේ පරමාධිපති ව මැව්වේ කවු ද? යැයි විමසා සිටියි. එය ඔහුට ළඟා වූ විටෙක, ඔහු අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඉන් වැළකී සිටිය යුතුය. صحيح - متفق عليه
explain-icon

විවරණය

මුඃමින්වරයකු තුළ ෂෙයිතාන් කොඳුරන ප්‍රශ්නවලට ඵලදායී ප්‍රතිකාරය ගැන අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විසින් මෙහි දන්වා ඇත. ෂෙයිතාන්: මෙසේ මැව්වේ කවු ද? එසේ මැව්වේ කවු ද? අහස මැව්වේ කවු ද? පොළොව මැව්වේ කවු ද? යැයි පවසා සිටියි. එවිට මුඃමින්වරයා ඔහුට ආගමෙන්, සහජ බුද්ධියෙන් සහ තර්කනයෙන් "අල්ලාහ්" යැයි පිළිතුරු දෙයි: නමුත් ෂෙයිතාන් මෙසේ කෙඳිරීමෙන් නතර වන්නේ නැත. 'ඔබේ පරමාධිපති ව මැව්වේ කවු දැ?'යි ඔහු පවසා සිටින තෙක් ක්‍රියා කරමින් සිටියි. එවිට මුඃමින්වරයා එම කෙඳිරීම කරුණු තුනකින් වළක්වා ගත යුතුය. අල්ලාහ් පිළිබඳ විශ්වාසය තැබීමෙන් ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පැතීමෙන් කෙඳිරීමත් සමග එය දිගටම රැගෙන යාම නතර කිරීමෙන්.

explain-icon

හදීසයේ හරය

  • ෂෙයිතාන්ගේ කෙඳිරීමෙන් හා අදෝනාවන්ගෙන් ඈත් වී ඒවා ගැන නොසිතා ඒවා දුරු කිරීමට සර්වබලධාරී අල්ලාහ් වෙත යොමු වීම.
  • ෂරීආ හෙවත් ආගමික නීතියට පටහැනිව මිනිසාගේ හදවත තුළ හට ගන්නා සියලුම සිතුවිලි හා කෙඳිරීම් ෂෙයිතාන්ගෙන් ය.
  • අල්ලාහ්ගේ ස්වරූපය ගැන සිතා බැලීමෙන් වැළකී ඔහුගේ මැවීම් සහ ඔහුගේ සංඥාවන් පිළිබඳ සිතන්නට උනන්දු කිරීම.
explain-icon

අමතර