අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. “ඔබ අතරින් කිසිවකුගේ අතෙහි ඇති අබ ඇටයක් මෙන් මිස අහස් හත හා මහ පොළොවල් හත මහා කාරුණිකයාණන්ගේ අතෙහි නොවනු ඇත.” එම හදීසය පූර්ව සාධක සහිත බව ඉමාම් ඉබ්නු තයිමියියා කළ ප්රකාශය ඉමාම් අල්බානි සඳහන් කොට ඒ පිළිබඳ පසු විපරම් නොකළහ - ඉබ්නු ජරීර් එය වාර්තා කර ඇත - අල් උලූ හි ඉමාම් දහබී එය වාර්තා කර ඇත - අබ්දුල්ලාහ් බින් ඉමාම් අල් අහ්මද් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙම හදීසයේ අපට දන්වා සිටිනුයේ, සැබැවින්ම අහස් හත හා මහපොළොවල් හත ඒවායෙහි විශාලත්වය සමග මහා කාරුණිකයාණන්ගේ අතෙහි තිබේ නම්, එය සසදා බලන කළ අප අතරින් කිසිවකුගේ අතෙහි තිබෙන කුඩා අබ ඇටයකට සමාන වන්නේය. මෙම සංසන්ධනය ප්රමාණය පෙන්වීමට මිස අතට අත සංසන්දනය කිරීමක් නොවන්නේය. ඊට හේතුව සැබැවින්ම අල්ලාහ්ගේ පැවැත්ම කිසිවකට සමාන නොවන්නාක් මෙන්ම ඔහුගේ ගුණාංගද කිසිවකට සමාන වන්නේ නැති බැවිණි.

explain-icon

අමතර