නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමීන් පිරිසක් එතුමාණන් වෙත පැමිණ, එහි ඇති අප්‍රිය නිසාවෙන් හා ඔවුන් ඒ ගැන පිළිකුල් කරන නිසාවෙන් කතා කිරීමට බැරෑරුම් සේ සලකන සිත් තුළ දකින බරපතල (යම්)කරුණු පිළිබඳ විමසා සිටියෝය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සැබැවින්ම ඔබ දුටු දෑ ඊමාන් හෙවත් විශ්වාසයේ ස්ථාවරත්වයේ සුපැහැදිලිතාවයයි. හදවත තුළ ෂෙයිතාන් හෙළන දෑ වැළැක්වීමට එය ඔබට ඉවහල් වෙයි. ඒ පිළිබඳ කතා කිරීම ගැන ඔබ තුළ තිබෙන පිළිකුල්භාවය හා ඔබේ සිත තුළ වූ එහි බරපතලකම මෙය පෙන්වයි. මේ තත්ත්වය සැබැවින්ම ෂෙයිතාන් විසින් පාලනය කරනු ලබන හා ඔහු සමඟ අරගලයක නිරත නොවෙන අයගේ තත්ත්වය මෙන් නොවේ.