සුෆ්යාන් ඉබ්නු අබ්දිල්ලාහ් අස්-සකෆී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔබෙන් හැර වෙනත් කිසිවකුගෙන් මා අසා නැති ඉස්ලාමයේ ප්‍රකාශයක් මා හට පවසන්නැයි මම පවසා සිටියෙමි. එතුමාණෝ: "'මම අල්ලාහ්ව විශ්වාස කළෙමි' යැයි ඔබ පවසා පසු ව එහි ස්ථාවර ව සිටින්න" යැයි පැවසූහ. صحيح - رواه مسلم وأحمد
explain-icon

විවරණය

සුෆ්යාන් ඉබ්නු අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හු) නම් සහාබිවරයා තමන් කිසිවකුගෙන් මීට පෙර අසා නැති, තමන් එය පිළිපැදිය යුතු ඉස්ලාමයේ අර්ථ පූර්ණ වූ ප්‍රකාශයක් තමන්ට උගන්වන මෙන් හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසා සිටියේය. එවිට එතුමාණෝ ඔහුට: මම අල්ලාහ්ව ඒකීයත්වයට පත් කරමි. සැබැවින්ම ඔහු මාගේ පරමාධිපතියා ය; මාගේ දෙවිඳා ය; මාගේ මැවුම්කරු ය; සැබෑ ලෙස නැමදුම් ලබන්නා ඔහු ය ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත යන වග මම විශ්වාස කළෙමි යැයි ඔබ පවසන්න. පසුව අල්ලාහ්ගේ නියමයන් ඉටු කිරීමෙන් හා ඔහු තහනම් කළ දෑ අත් හැරීමෙන් ඔහුට අවනත විය යුතු වේ. ඒ මත ස්ථාවරව සිටිය යුතු වේ.

explain-icon

හදීසයේ හරය

  • දහමේ මූලික හරය වනුයේ අල්ලාහ්ගේ පාලනය, ඔහුගේ දේවත්වය හා ඔහුගේ නාම හා ගුණාංග විශ්වාස කිරීමය.
  • එම විශ්වාසය ඇති කර ගත් පසු එහි ස්ථාවරව සිටීම, නැමදුම්වල දී අඛණ්ඩය නිරත වීම හා එහි නොසැළී සිටීමේ වැදගත්කම.
  • එම විශ්වාසය තමන් කරන ක්‍රියාවන් පිළිගැනීම සඳහා වන කොන්දේසියකි.
  • අල්ලාහ්ව විශ්වාස කිරීම යනු විශ්වාසයේ ප්‍රතිපත්තීන් හා මූලධර්මයන්ගෙන් විශ්වාස කළ යුතු දෑ ද හදවත් හා බැඳුණු ක්‍රියාවන් අනුගමනය කරන දෑ ද අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරයෙන් අල්ලාහ්ට අවනතවීම හා යටහත්වීම ද ඇතුළත් වේ.
  • ස්ථාරව සිටීම යනු, යුතුකම් ඉටුකිරීමෙන් හා තහනම් දැයින් දුරස්වීමෙන් එම මාර්ගයෙහි ඇලී සිටීමය.