ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: හදිසි බැල්ම ගැන මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විමසා සිටියෙමි. එවිට මගේ බැල්ම මා වෙනතකට යොමු කළ යුතු යැයි එතුමාණෝ මට නියෝග කළහ. صحيح - رواه مسلم
explain-icon

විවරණය

ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගෙන් පිරිමියෙක් පිටස්තර කාන්තාවක් කිසිදු අපේක්ෂාවකින් තොරව හදිසියේම දකින්නට ලැබීම ගැන විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය ඔහු දැනගත් වහාම වෙනත් පැත්තකට වෙනත් දෙසකට ඔහුගේ මුහුණ හැරවිය යුතු බව ඔහුට නියෝග කළහ. එවිට ඔහු කෙරෙහි පාපයක් නො පිහිටනු ඇත.

explain-icon

හදීසයේ හරය

  • බැල්ම පහත හෙළීමට දිරි ගැන්වීම
  • හදිසියේ සහ බලාපොරොත්තුවකින් තොරව, බැලීමට තහනම් දෙයක් ඇස ගැටුනහොත් ඒ දෙස නිරන්තරයෙන් බැලීමෙන් වළකින මෙන් අනතුරු ඇඟවීම.
  • මෙහි දී, කාන්තාවන් දෙස බැලීමේ තහනම සහාබාවරුන් අතර ස්ථාපිතව තිබූ කරුණක් විය. අනපේක්ෂිතව කාන්තාවක් ‌දෙසට තම ඇස ගැටුණේ නම්, එවැන්නෙකුගේ නීතිය උවමනාවෙන්ම බලන කෙනෙකුගේ නීතියට සමාන දැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ජරීර් (රළියල්ලාහු අන්හු) තුමා විමසා සිටීමෙන් එය සනාථ වේ.
  • මෙහි දී ‌ෂරීආව ගැත්තන්ගේ යහපත ගැන සැලකිලිමත් වී ඇත. ඇත්තෙන්ම කාන්තාවන් දෙස බැලීම ඔවුනට තහනම් කර ඇත්තේ ලෞකික වශයෙන් හා පරලොව වශයෙන් පෙළ ගැසෙන අකුසල් නිසාවෙනි.
  • සහාබාවරුන්, තමන්ට ඇති වූ ගැටලු සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ගොස් විමසා ඔවුන් දැන ගත්හ. එමෙන්ම පොදු ජනතාවට ඇතිවන ගැටලු තිබේ නම් ඔවුන් ඔවුන්ගේ විද්වතුන් වෙත ‌ගොස් ඒවා ගැන විමසා දැනගත යුතුය.
explain-icon

අමතර