අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ මෙනෙහි කර සිටියේය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඇතැම් පැල වලින් වියන ලද කුඩා පැදුරක නිදා ගෙන සිට පසුව නැගිටුණහ. එතුමාණන්ගේ පිටෙහි පැදුරෙහි සළකුණු පිහිටා තිබිණ. එවිට අපි මෙසේ පැවසුවෙමු.: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපි ඔබ වෙනුවෙන් සිනිදු මෙට්ටයක් සූදානම් කළේ නම්, එම රළු පැදුරේ ඔබ හාන්සි වීමට වඩා යහපත් වනු ඇත." එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ. මෙලොවට මා ප්‍රිය කරන තරමට මෙලොව සමග කිසිදු ඇල්මක් හෝ කැමැත්තක් හෝ මට නැත. මා හා මෙලොවෙහි මා ජීවත් වීමේ උපමාව මෙලොවෙහි ගසක් යට හෙවණ සොයා, පසුව විවේකය ලබා, එය අත්හැර දමා යන මගියෙකු මෙන් මිස නැත."