මෙලොවට වැඩි සැලකිල්ලක් දක්වන ඔහුගේ දැනුමේ ප්රමාණයට හා ඔහුගේ පළමු හා අවසාන ඉලක්කය වෙත මහත් සේ අවධානය යොමු කරන ඇතැමුන් මිනිසුන් අතර සිටින බව මෙම හදීසයේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැහැදිලි කළේය. කවරෙකු මෙම තත්ත්වයේ පසු වන්නේ ද ඔහුගේ ගමනාන්තය විනාශය හා අලාභය වනු ඇත. ජනයා අතර සිටින මෙම කණ්ඩායමෙහි සළකුණක් වනුයේ මෙලොවට දැඩි සේ ඇලුම් කිරීමය. එයින් ඔහුට දෙනු ලැබුවේ නම් තෘප්තියට පත් වෙයි. එසේ දෙනු නොලැබුවේ නම් උරණ වෙයි. තම ඉලක්කය අල්ලාහ්ගේ තෘප්තිය හා මතුලොව නිවහන කර ගත් අය ද ඔවුන් අතර වෙති. ඔහු කීර්තිය සොයන්නේ නැත. ප්රසිද්ධිය සොයන්නේ නැත. ඔහුගේ ක්රියාවෙන් ඔහු අපේක්ෂා කරනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට අවනත වීමය. ජනයා අතර සිටින මෙම පිරිසේ තවත් සළකුණක් වනුයේ ඔහුගේ බාහිර ඔපයට වැදගත් කමක් නොදැක්වීමය. ඔහුව කවර තැනක තබා ඇත්තේ ද ඒ ගැන ඔහු තෘප්තිමත් වෙයි. ඔහු ජනයා අතර පහත් අයකු වෙයි. ප්රභූ හා නිල බලතල ඇති උදවියගෙන් දුරස් වෙයි. ඔහු ඔවුන්ගෙන් අවසර පැතුව ද ඔහුට අවසර දෙනු නොලැබේ. ඔවුන් ඉදිරියේ තමන් වෙනුවෙන් මැදිහත් වන මෙන් ඉල්ලුව ද ඔහු වෙනුවෙන් ඔවුහු මැදිහත් නොවේ. ඔහුගේ ගමනාන්තය ස්වර්ගයයි. ප්රතිඵල යහපත් විය.