දිනක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මින්බර් වේදිකාව මත වාඩි වී තම අනුගාමිකයින්ට කතා කළහ. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. ඇත්තෙන්ම මගෙන් පසුව ඔබ වෙනුවෙන් මා අධික ලෙස බිය වන්නේ මහපොළොවේ සමෘද්ධිය, මෙලොවෙහි සුවය, එහි අලංකාරය, එහි චමත්කාරය, එහි පවතින විවිධ සැප පහසුකම්, ඇඳුම් පැළඳුම්, ගහ කොළ තාවකාලික වුව ද එහි අලංකාරය සමග මිනිසා අහංකාරකම් පාන වෙනත් දෑ ඔබ වෙත විවෘත වීම ය. එවිට මිනිසකු මෙසේ පැවසීය. "මෙලොවෙහි අලංකාරය අල්ලාහ්ගේ ආශිර්වාදය නොවේ ද? මෙම ආශිර්වාදය නැවත හැරී ශාපයක් හා දඬුවමක් බවට පත්වේ ද?" නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නිහඬව සිටිනු දුටු ජනයා එසේ ප්‍රශ්න කළ තැනැත්තාට දොස් පවරන්නට ගත්හ. ඇත්තෙන්ම එතුමාණන් ඔහු කෙරෙහි දැඩි කෝපයෙන් සිටිනු ඇතැයි සිතූහ. සැබැවින්ම තමන් වෙත දිව්‍ය පණිවිඩ පහළවෙමින් තිබුණු බව එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැහැදිලි කොට, පසුව එතුමාණන්ගේ නළලින් දහඩිය පිසදමා ප්‍රශ්නය විමසා සිටි තැනැත්තා කොහේදැ?යි විමසා සිටියහ. මම වෙමි යැයි ඔහු පවසා සිටියේය. පසුව ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කර, පැසසුමට ලක් කළේය. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ. "සැබෑ යහපත යහපත මිස වෙනත් කිසිවක් ගෙන දෙන්නේ නැත. නමුත් මේ අලංකාරය පිරිසිදු යහපතක් නොවේ. හේතුව මතුලොව පූර්ණ ලෙස පිළිගැනීමෙන් වෙනතකට යොමුකර ක්‍රියාකාරකම්, අර්බුධ හා ආශාවන් එහි පවතින බැවිනි." පසුව ඒ සඳහා උපමාවක් ගෙන හැර පෑහ.එවිට එතුමාණෝ, "සැබැවින්ම වසන්ත කාලයේ හට ගන්නා ශාඛ හා එහි හරිතය වනාහි, එය ගොවිපළ සතුන් කැමැත්තෙන් ආහාරයට ගන්නා ශාක වේ. කෑදරකම නිසා අධික ලෙස ආහාරයට ගැනීමෙන් එය උන් මරා දමනු ඇත. එසේ නැතහොත් මරා දැමීමට බලනු ඇත. නමුත් හරිතතණකොල අනුභව කරනවුන් හැර ඌ උගේ කුසේ දෙපැත්ත පිරින තෙක් අනුභව කරයි. පසුව හිරුට නිරාවරණය වී උගේ කුසෙන් සියුම් ගොම පහ කරයි. එසේ නැතහොත් මූත්‍රා කරයි. ඉන්පසු උගේ උදරයේ තිබූ දෑ ඉවතට දමා, එය විකා පසුව එය ගිල දමයි. නැවතත් එලෙස සිදු කර එය අනුභව කරයි." "සැබැවින්ම මෙම වස්තුව ද මිහිරි හරිත ඔසුවක් මෙනි. එහි අධිකත්වය පුද්ගලයා මරා දමන්නට පුළුවන, එසේ නැතහොත් මාරාන්තික තත්ත්වයට ඔහුව ගෙන යන්නට පුළුවන. නමුත් තමන්ට අවශ්‍ය සුළු ප්‍රමාණයක් ගෙන, අනුමත ක්‍රමයකින් තමන්ට ප්‍රමාණවත් දෑ ලබා එය සීමා කර ගන්නේ නම්, ඉන් හානියක් වන්නේ නැත. එනමුත් මුස්ලිම් තැනැත්තා යහපත් වනු ඇත. මන්ද ඔහු ඉන් දුගියාට අනාථයාට හා මගියාට පිරිනමනු ඇත. කවරෙකු යුක්ති සහගත ලෙස එය ලබන්නේ ද එහි ඔහුට සමෘද්ධිය ලැබෙනු ඇත. කවරෙකු එහ අයුක්ති සහගත ලෙස ගන්නේ ද ඔහු, අනුභව කළත් කුස නොපිරුනු අයකු මෙනි. මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ එය ඔහුට එරෙහිව සාක්ෂිකරුවකු වනු ඇත."