අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට මම සවන් දුනිමි යැයි පවසමින් කඃබ් ඉබ්නු ඉයාළ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම සෑම ප්රජාවකටම අර්බුදයක් ඇත. මාගේ ප්රජාවේ අර්බුදය ධනයයි.” පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට මම සවන් දුනිමි යැයි පවසමින් කඃබ් ඉබ්නු ඉයාළ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කර ඇත. “සැබැවින්ම සෑම ප්රජාවකටම අර්බුදයක් ඇත.” එනම් ඔවුන් පරීක්ෂාවට ලක් කරනු ලබන අර්බුදයට ලක් කරනු ලබන කරුණුය. “මාගේ ප්රජාවේ අර්බුදය ධනයයි.” සැබැවින්ම එය අපේක්ෂාවන් මුළුමණින්ම වළක්වන්නකි. ධනය භුක්ති විඳිමින් විනෝද වීම අවනත භාවයෙන් වෙනතකට යොමු කර මතුලොව අමතක කර දමනු ඇත.