හදීසයේ තේරුම: මිනිසා මිය ගිය විට ඔහු ගැන ශෝකවන්නෝ ඔහු පසුපස හඹා යති. ඔහුගේ පවුල ඔහු පසුපස යති. ඔහුගේ මිනීවල දක්වාම ඔහු ගැන ශෝක වෙති. ඔහුගේ ධනය ද ඔහු පසුපස යයි. එනම් ඔහුගේ වහලුන් ඔහු සතු සේවකයින් යනාදියයි. ඔහුගේ ක්රියාවන් ද ඔහු සමගම පසුපස හඹා යයි. නමුත් කරුණු දෙකක් නැවත හැරී යන අතර ඔහු සමග වන ඔහුගේ ක්රියාව පමණක් ඉතිරිව පවතී. එය යහපත් වී නම් යහපත් වනු ඇත. එය නපුරක් වී නම් නපුරු වනු ඇත.