සැබැවින්ම මෙලොව භුක්ති විඳින්නට මිහිරිය; දකින්නට හරිතය. එමගින් මිනිසා රැවටෙයි. එහි වැඩි උනන්දුවක් දක්වයි. තම විශාලතම අපේක්ෂාව බවට ඔහු එය පත් කර ගනියි. මෙලොව ජීවිතයේ ඇතැමෙකු විසින් ඇතැමෙකු නියෝජනය කරන ආකාරයෙන් අල්ලාහ් නියම කර ඇත. එය අපි ඔහුට අවනත වී කටයුතු කරන්නේ ද එසේ නැතහොත් අපි ඔහුට පිටුපාන්නේ දැයි ඔහු නිරීක්ෂණය කිරීම සඳහාය. පසුව එතුමාණෝ මෙසේ පැවසූහ: 'මෙලොව වස්තුව හා එහි අලංකාරය ඔබව මුළා කිරීම ගැන ඔබ ප්‍රවේසම් විය යුතුය. එය අල්ලාහ් ඔබට නියෝග කළ දෑ අත්හැරීමටත් ඔහු තහනම් කළ දෑහි ඇද වැටීමටත් ඔබව පොළොඹවනු ඇත.' මෙලොව අර්බූදවලින් එසේ ප්‍රවේසම් විය යුතු බරපතලම කරුණක් වනුයේ කාන්තා අර් බූදයයි. ඉස්රාඊල් දරුවන් ඇද වැටුනු පළමු අර්බූදය එයයි.