සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ ඔටු දෙන වූ අල්බාඃ තරඟ නොවදින, තරඟයට සහභාගී නොවන සතෙකු ලෙස සහාබාවරු දුටුහ. එවිට මෙම ගැමි අරාබිවරයා තම සත්වයා පිට නැග පැමිණ. අල්බාඃ සමග තරඟ වැඳුණහ. එය සහාබාවරුන් අසහනයට පත් කරන්නක් විය. එවිට එතුමාණෝ ඔවුන්ගේ සිත් තුළ හට ගැනුණු කරුණ වටහා ගෙන මෙසේ පැවසූහ: අල්ලාහ්ගේ වගකීම වනුයේ මෙලොවෙහි යමක් වී නම් එය පහත් කර තැබීමෙන් මිස උසස් නොකිරීමය. මෙලොවෙහි උසස් සියල්ල පහත් තත්ත්වයට පත්වීම අනිවාර්යය. මෙම උසස් කම සමඟ සම්බන්ධ වූයේ නම් සිත් තුළ උසස්භාවයත් ගෞරවයත් ඇති වන්නේය. ඉතා ඉක්මණින්ම ඒ වෙත පහත්භාවය ඇති වන්නේය. පහත්භාවයට පත්වීම දඬුවමක් වන්නේය. ඒ සමග කිසිවක් සම්බන්ධ නොවූයේ නම් නැවත හැරීමත් පහත් වීමත් අනිවාර්යය වන්නේය. නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ ප්රකාශයේ මෙලොවෙහි යන්නෙන් පෙන්වා දෙනුයේ මතුලොව කරුණුවල උසස් භාවය අල්ලාහ් පහත් නොකරන බවය. සූරා මුජාදලාහි 11 වැනි වැකිය මෙසේ අවධාරණය කරයි: ඔබ අතුරින් විශ්වාස කළවුන් හා දැනුම දෙනු ලැබූවන් වනාහි, අල්ලාහ් ඔවුන් තරාතිරමින් උසස් කරවයි. දේව විශ්වාසය හා දැනුම යන ගුණාංග පවතින තාක් කල් අල්ලාහ් විසින් පහත් කරනු නොලබන්නන් මොවුහුමය. අල්ලාහ් ඔවුන් පහත් තත්ත්වයට පත් කළ නොහැක. ඔවුන් ගැන මෙනෙහි කිරීමෙන් අල්ලාහ් උසස් කරවයි. එමෙන්ම මතුලොවෙහි ඔවුන්ගේ තරාතිරම් නංවමින් ඔවුන් උසස් කරවයි.