නියෝග කරන ලද දෑ පිළිපැදීමෙන් හා තහනම් කරන ලද දෑ අත්හැර දැමීමෙන් දේවත්වය විශ්වාස කරන්නා ආගමික වගකීම්වලට බැඳී ඇති බැවින් ඔහුට මෙලොව ජීවිතය සිරගෙයක් වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා ඇත. ඔහු මිය ගිය විට ඉන් නිදහස් වී, සර්වබලධාරී අල්ලාහ් ඔහුට සූදානම් කර ඇති සදාතනික සැපත වෙත හැරී යනු ඇත. නමුත් එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නාට ස්වර්ගයන් මෙන් යැයි උපමා කර ඇත. මක්නිසාදයත් ඔහු තමන් කැමති පරිදි එහි කටයුතු කරන බැවින් ද, තමන් ආශා කරන දෑ නියෝග කරන බැවින් ද වේ. ඔහු මිය ගිය විටෙක මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔහු වෙනුවෙන් සූදානම් කර ඇති සදාතනික දඬුවම වෙත හැරී යනු ඇත.