අල්ලාහ්ගේ තෘප්තිය, ඔහුගේ කරුණාව හා ඔහුගේ ස්වර්ගය යනාදිය සළකා බැලීමේ දී මතුලොවෙහි හැර වෙනත් සැබෑ ජීවිතයක් නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියේය. මක්නිසාදයත් මෙලොව ජීවිතය නින්දනීය ය. මතුලොව ජීවිතය සදා පවතින්නකි. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එතුමාණන්ට උදව් කළ මදීනාවාසී අන්සාර්වරුන්ට හා එතුමාණන් සමග මක්කාවේ සිට නික්ම ආ මුහාජිර්වරුන්ට සමාව, උපකාරය හා යහපත වෙනුවෙන් ප්‍රාර්ථනා කර සිටියහ. අන්සාර්වරු මුහාජිර්වරුන්ට උපකාර කළෝය. ඔවුන්ගේ සම්පත් ඔවුන් සමග බෙදා ගත්තෝය. එමෙන්ම මුහාජිර්වරුන් අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ තෘප්තිය සොයමින් ඔවුන්ගේ නිවෙස් හා සැප සම්පත් සියල්ල අත්හැර දමා නික්ම ආවෝය.