නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා යමන් දේශයට, එහි වැසියන් අල්ලාහ් වෙත ඇරයුම් කරන කැඳවුම්කරුවකු හා ගුරුවරයකු ලෙස යැවූ කල්හි හෙතෙම කිතුනු ජන පිරිසක් මුණ ගැසෙන බවත් ඔවුන් වෙනුවෙන් සූදානම් විය යුතු බවත් ඔවුන් ඇරයුම් කිරීමෙහි දී වඩාත් වැදගත් දෑ පසුව වැදගත් දෑ යන අනුපිළිවෙලින් ආරම්භ කළ යුතු බවත් එතුමාණෝ ඔහුට පැහැදිළි කළහ. පළමු ව ප්‍රතිපත්තිය නිවැරදි කිරීම සඳහා හෙතෙම ඇරයුම් කර සිටියි: එය, නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව ඔවුන් සාක්ෂි දැරීමට සැලැස්වීමෙනි. හේතුව ඔවුන් ඉස්ලාමයට පිවිසෙන්නේ එමගිනි. එයට ඔවුන් අවනත වූ විටෙක ඔවුනට සලාතය ස්ථාපිත කරන මෙන් නියෝග කළහ. 'තව්හීද්' හෙවත් ඒක දේව ප්‍රතිපත්තියෙන් පසු වඩාත්ම වැදගත් වගකීම වනුයේ එයයි. ඔවුන් එය විධිමත්ව ඉටු කළ විටෙක, ඔවුන් අතර සිටින පොහොසතුන්ගේ ධනයෙන් සකාත් ලබා ඔවුන්ගේ දිළිඳුන් අතර භාරදෙන මෙන් ඔවුනට නියෝග කර සිටියහ. පසුව එම ධනයෙන් වඩාත් උතුම් දේ ගැනීමෙන් එතුමාණෝ අවවාද කළහ. සැබැවින්ම ඒ අතරින් අනිවාර්යය වනුයේ මධ්‍යස්ත දෑය. පසුව අසාධාරණකම් කිරීමෙන් වැළකෙන මෙන් එතුමාණෝ ඔහුට අවවාද කළහ. එය, අසාධාරණයට ලක්වූවන්ගේ ශාපයට ඔහු ලක් නොවනු පිණිසය. සැබැවින්ම ඔහුගේ ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නක් වේ.