අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන්ගේ මහිමය පිළිබඳ මෙම හදීසයේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා ඇත. එමෙන්ම ඔවුන් වෙනුවෙන් ස්වර්ගයේ තරාතිරම් සියයක් සූදානම් කර ඇති බවත් තරාතිරම් දෙකක ප්රමාණය අහස හා පොළව අතර තරම් වූ ප්රමාණයක් බවත් තවදුරටත් දන්වා ඇත.