ඇතැම් සහාබාවරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි අපගේ පරමාධිපතිව දකින්නෙමු ද? යැයි විමසා සිටියෝය. එවිට නබි තුමාණන් ඔවුනට: “එසේය, කිසිදු තදබදයකින් හෝ ගැටලුවකින් තොරව දහවල් මධ්යයේ හිරු දකින්නාක් මෙන් ද පුරපසළොස්වක රාත්රියේ චන්ද්රයා දකින්නාක් මෙන් ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නුඹලාගේ පරමාධිපතිව දකිනු ඇත.” යැයි පැවසූහ. මෙම උපමාව පිහිටනුයේ පැහැදිලිව, සැකය දුෂ්කරත්වය හා ගැටලුවෙන් තොරව යන කරුණෙහිය. එය දැක්මෙන් දැක්මට උපමා කිරීමක් මිස ඍජු දසුනකින් දසුනක් නොවනු ඇත. මෙම දැක්ම දැහැමියන්ට හා ගෞරවය ඇත්තන්හට ස්වර්ගයේ පවතින කුසලෙහි දැක්මෙන් තොර දැක්මකි. මෙය අල්ලාහ්ට ගැතකිම් කළවුන් අතර හා ඔහු හැර වෙනත් අයට ගැතිකම් කරන්නන් අතර වෙන් කිරීමකි. පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ දන්වා සිටියේය. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නිවේදකයකු මෙසේ නිවේදනය කරයි: අල්ලාහ් හැරදමා කවරෙකු යම් දෙයකට නැමදුම් කරමින් සිටියේ ද ඔහු පසුපස හඹා යනු ඇත. තවත් පූර්ව සාධක සහිත හදීසයක: එසේ ඇරයුම් කරන්නා සුවිශුද්ධ අල්ලාහ් වේ යැයි සඳහන්ව ඇත. පසුව අල්ලාහ් හැරදමා පිළිමවලට නැමදුම් කරමින් සිටි අය එක්රැස් කොට අපා ගින්නට හෙළනු ලබති. අල්ලාහ්ට අවනත වූ අයකු හෝ වේවා අකීකරු වූ අයකු හෝ වේවා කවරෙකු ඔහුට නැමදුම් කරමින් සිටියේ ද ඔවුන් හා යුදෙව් මෙන්ම කිතුනුවන්ගෙන් ඉතිරි පිරිස පමණක් එහි රැඳී සිටිනු ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන්ගේ පිළිම සමග ඔවුන් කැටුවාගෙන නිරයට පිවිස සිටිති. තවද ජනයාට පෙන්වීම සඳහා නිරය රැගෙන එනු ලැබේ. එම ස්ථානයේ එය මිරිඟුවක් මෙන් දිස් වනු ඇත. පසුව යුදෙව්වන් ගෙන එනු ලැබේ. පසුව “නුඹලා නමදිමින් සිටියේ කවරෙක් ද?” යැයි ඔවුන්ගෙන් විමසනු ලැබේ. ඔවුහු: “අපි අල්ලාහ්ගේ පුත් උසෙයිර්ව නමදිමින් සිටියෙමු යැයි පවසති. පසුව ඔවුනට ‘අල්ලාහ්ගේ පුත් උසෙයිර් යනුවෙන් නුඹලා කළ ප්රකාශයෙහි නුඹලා බොරු පවසා ඇත. හේතුව සැබැවින්ම අල්ලාහ් කිසිදු සහකාරියක් හෝ දරුවකු හෝ නොගත් බැවිණි. පසුව ඔවුනට “නුඹලා කුමක් අපේක්ෂා කරන්නෙහුද? යැයි විමසනු ලැබේ. ඔවුහු ‘අපි පානය කරන්නට අපේක්ෂා කරමි’ යැයි පවසති. ජලය පැතීම ඔවුන්ගේ පළමු පැතීම වන්නේය. හේතුව සැබැවින් එම ස්ථානයේ ව්යසනයන් අඛණ්ඩව පැවතුනු බැවින්ද දැඩි බිහිසුණු දෑ එකින් පසු එක පැමිණි බැවින් ද පිපාසය දරුණු ලෙස පවතිනු ඇත. ඔවුනට අපා ගින්න ජලය මෙන් පෙන්වනු ලැබේ. පසුව ඔවුනට: නුඹලා දකින දෑ නුඹලා ජලය ලෙස සිතන දෑ වෙත ගොස් පානය කරනු.” යැයි ඔවුනට පවසනු ලැබේ. ඔවුහු එසේ ගොස් අපා ගින්න දකිති. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙක් කඩා බිද ගෙන යයි. එය එහි දරුණු ඇවිළීම හා එහි ගිණි ජාලා පහර දෙමින් පවතිනි බැවිණි. පසුව ඔවුහු එහි වැටෙනු ඇත. ඔවුන්ගෙන් පසුව මේ අයුරින්ම කිතුනුවන්ටත් පවසනු ලැබේ. අවසානයේ අල්ලාහ්ව නමදිමින් සිටි ඔහුට කීකරු වූ හෝ අකීකරු වූ අය පමණක් ඉතිරිව සිටී. ඔවුනට ‘ජනයා ගොස් ඇත. නුඹලාව මෙම ස්ථානයේ නවතා තැබුවේ කුමක් ද? යැයි ඔවුන්ගෙන් විමසනු ලැබේ. එවිට ඔවුහු: මෙලොවෙහි අපි එම මිනිසුන්ගෙන් වෙන්ව සිටියෙමු. ඔවුන්ගෙන් වෙන්වීම අද දින අපට අත්යවශ්ය වී ඇත. හේතුව සැබැවින්ම ඔවුන් අල්ලාහ්ට පිටුපා ඔහුගේ නියෝගයට විරුද්ධව කටයුතු කළෝය. ඒ හේතුවෙන් අල්ලාහ් විෂයයෙහි ඔවුන් සමග ක්රෝධ වෙමින් හා අපගේ පරමාධිපතිට අවනත වීමට පොළඹවමින් අපි ඔවුන් සමග සතුරු වූයෙමු. අපි පෙරලොවෙහි නමදිමින් සිටි අපගේ පරමාධිපතිව අපේක්ෂා කරන්නෝ වෙමු. එවිට ඔවුන් එහි මුල් වර ඔහුව දුටු ස්වරූපයෙන් නොව, වෙනත් ස්වරූපයෙන් උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් ඔවුන් වෙත පැමිණෙනු ඇත. එම ස්වරූපය විස්තර කිරීම සුදුසු වන්නක් නොවේ. නමුත් ඒ ගැන විස්තර කිරීමකින් හෝ උපමා කිරීමකින් තොරව අඩුවැඩි කිරීමකින් හෝ විකෘති කිරීමකින් තොරව විශ්වාස කිරීම අනිවාර්ය වන්නේය. උත්තරීතර අල්ලාහ් ඔවුන් වෙත පැමිණි විට ඔවුනට: මම නුඹලාගේ පරමාධිපති වෙමි. යැයි පවසයි. එවිට ඔවුහු: “ඔබය අපගේ පරමාධිපති” ඒ ගැන සතුටුවෙමින් සුභාරංචි දන්වමින් පවසති. නමුත් එම ස්ථානයේ සුවිශුද්ධයාණන් නබිවරුන් සමග මිස වෙනත් කිසිවකු සමග කතා නොකරයි. එවිට අල්ලාහ් ඔවුනට: “නුඹලා අතර හා ඔහු අතර නුඹලා ඒ ගැන හඳුනන සළකුණක් ඇත්ද? යැයි විමසයි. එවිට ඔවුහු “කෙණ්ඩය” යැයි පවසති. පසුව ඔහුගේ කෙණ්ඩයෙන් ආවරණය කර ඇති දෑ නිරාවරණය කරයි. එමගින් දේවත්වය විශ්වාස කළවුන් ඔහුව හඳුනා ගෙන ඔහුට සිරස බිම තබා සුජූද් කරති. නමුත් තම නැමදුම් මිනිසාට පෙන්වමින් ඉටු කළ කුහකයෝ සුජූද් කිරීමෙන් වළක්වනු ලබති. ඔවුන්ගේ පිටවල් සමාන්තරව එක් තට්ටුවක් බවට පත් කරනු ලැබේ. ඔවුනට නැවීමට හෝ සුජූද් කිරීමට හෝ නොහැකි වේ. හේතුව සැබැවින්ම ඔවුහු සැබෑ ලෙසින්ම මෙලොවෙහි අල්ලාහ්ට එසේ සුජූද් කරන්නන් ලෙස නොසිටි බැවිණි. ඔවුන් එසේ සුජූද් කර සිටියේ ලෞකික හේතූන් වෙනුවෙනි. එහි කෙණ්ඩය යන අල්ලාහ් සතු ගුණාංගය සඳහන්ව ඇත. මෙම හදීසය හා මෙවැනි හදීස අල්ලාහ්ගේ ප්රකාශයට විස්තර කිරීමක් ලෙස පිහිටා ඇත. එනම් “කෙණ්ඩය නිරාවරණය කරනු ලබන දින සුජූද් කිරීම සඳහා ඔවුන් ඇරයුම් කරනු ලබති. නමුත් ඔවුහු හැකියාව නොදරති.” මෙම ස්ථානයේ ‘සාක්’ කේණ්ඩය යන්නට දරුණුභාවය හා ව්යසනකාරීභාවය යනුවෙන් අර්ථ දැක්වීම සුදුසු වේ. ඒ සමගම අල්ලාහ් සතුව කෙණ්ඩය ඇති බව තහවුරු කිරීම අනිවාර්යය වන්නේය. මෙම ගුණාංගය පෙන්වා දෙන වැකියේ සාධකය වඩාත් නිවැරදිය වඩාත් සුදුසුය. එය කිසිදු විස්තර කිරීමකින් හෝ උපමා කිරීමකින් තොරව එමෙන්ම කිසිදු විකෘති කිරීමකින් හෝ අඩුවැඩි කිරීමකින් තොරව විය යුතුය. පසුව සිරාත් පාලම ගෙන එනු ලැබ, එය අපා ගින්න මධ්යයේ තබනු ලැබේ. එහි පාද රැඳෙන්නේ නැත. ස්ථාවර පිහිටන්නේ ද නැත. මෙම පාලම මත කොකු තිබේ. එය යකඩින් නවන ලද යකඩ කොකු වේ. එය ඔහු අභිමත කරන්නන් එමගින් එල්ලීම සඳහාය. එය යකඩ මුගුරු වලට සමීපයෙන් පවතී. තවද එම පාලම මත පළල් ඝන කටු තිබේ. ජනයා ඔවුන්ගේ විශ්වාසයේ හා ඔවුන්ගේ ක්රියාවන්හි තරමට එම පාලම මත ගමන් කරයි. ඒ අනුව කවරෙකුගේ විශ්වාස පූර්ණව පවතින්නේ ද එමෙන්ම ඔහුගේ ක්රියාවන් අල්ලාහ්ට පමණක් අවංකව දැහැමිව පිහිටියේ ද සැබැවින්ම ඔහු අපායට ඉහළින් ඇහිපිය ගසන වේගයෙන් ගමන් කරනු ඇත. නමුත් ඊට වඩා පහත්ව සිටින්නන් ඔවුන්ගේ ගමන ඔවුන්ගේ විශ්වාසය හා ඔවුන්ගේ ක්රියාවන්ට අනුකූලව පිහිටනු ඇත. එය හදීසයේ විස්තර කර ඇති පරිදිය. එනම් විදුළි සැර, සුළඟ හා එහි සඳහන් කරනු ලැබූ සෙසු කරුණු උපමා වශයෙන් පවසන ලදී. එම පාලම මත ගමන් කරන්නන් වර්ග හතරකි. පළමුවැන්නා: වේදනාවෙන් ආරක්ෂාව ලබා ඉන් මිදෙන්නාය. ඉහත සඳහන් පරිදි ඔවුහු ඒ මත ගමන් කිරීමේදී එකිනෙකා අතර වෙනස්කම් සහිතව ගමන් කරන්නෝ වෙති. දෙවැන්නා: සීරීමට ලක්ව මිදෙන්නාය. ‘අල්-කදෂ්’ යනු සුළු තුවාලය. ඉන් අදහස් කරනුයේ, සැබැවින් ඔහු නිරය ස්පර්ශ වීමෙන් ඇති වන සීරීම් හෝ පාලම මත ඇති මුගුරු හා කොකු තුළින් ඇති වන සිරීම් හෝ විය හැක. තැන්වැන්නා: අපා ගින්නෙහි ගොඩ ගසනු ලබන්නාය. එනම් එහි දරුණු ලෙස හෙළනු ලබන්නාය. හතරවැන්නා: පාලම මතින් ඇදගෙන යනු ලබන්නාය ඔහුගේ ක්රියාවන් ඔහුව උසුලා යාමට අපොහොසත් වෙයි. පසුව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. “සත්යය සම්බන්ධයෙන් නුඹලා මට වඩාත් ආයාචනා කරමින් නොසිටිනු ඇත. සැබැවින්ම එදින පාලකයාණන් හට විශ්වාස කළවුන් කවුරුන්දැයි නුඹලාට පැහැදිලි වනු ඇත.” මෙය අල්ලාහ්ගේ උපකාරයයි. ඔහුගේ කරුණාවයි. තම දේව විශ්වාසී ගැත්තන්හට ඔහුගෙන් අයැදීමටත් තම වැරදි හේතුවෙන් තමන්ගේ පරමාධිපති සමග තරඟ වදිමින් සිටි හේතුවෙන් නිරයේ හෙළනු ලැබූ ඔවුන්ගේ සහෝදරයින් වෙනුවෙන් සමාව අයදීමටත් අවසරය ලබා දීමෙනි. ඒ සමගම නිරා ගින්නේ දඬුවමින් හා සිරාත් පාලමේ අර්බුධයෙන් ආරක්ෂාව ලැබූ දේව විශ්වාසීන්ව අත්හරිනු ඇත. ඔහුගෙන් ආයාචනා කිරීමටත් ඔවුනට ඉඩ හරිනු ඇත. ඒ සඳහා ඔවුනට අවසර දී ඇත්තේ උත්තරීතර උත්කෘෂ්ඨ ඔහුගෙන් ඔවුනට පිරිනැමෙන ආශිර්වාදයක් වශයෙනි. ඔවුහු: “අපගේ පරමාධිපතියාණනි, අප සමග සලාතය ඉටු කරමින් සිටි, අප සමග උපවාසය රකිමින් සිටි, අප සමග කටයුතු කරමින් සිටි අපගේ සහෝදරයෝ? යැයි විමසති. ඉන් පැහැදිලි වනුයේ සැබැවින්ම මුස්ලිම්වරුන් සමග අවංක ලෙසින් සලාත් ඉටු නොකරති. ඔවුන් සමග උපවාසයේ නිරත නොවෙති. ඔවුන් විෂයෙහි මැදිහත් නොවෙති. ඔවුන් විෂයයෙහි තම පරමාධිපතිගෙන් අයද නොසිටිති. සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් දේව විශ්වාසීන් ලෙස හා දේවත්වය ඒකීය කරණය කරමින් සිටියවුන්ගේ ආයාචනයට වැටෙනු ඇත. එනම් “අප සමග සලාත් ඉටු කරමින් සිටි අප සමග උපවාසයේ නිරත වෙමින් සිටි අපගේ සහෝදරයෝ” යන ප්රකාශයටය. නමුත් ඔවුන් අපා ගින්නට ප්රවේශ වීම අනිවාර්යය කරන ඇතැම් පාපකම් සිදු කර තිබේ. මෙහිදී මුළා වී ගිය පිරිස් දෙකකට ප්රතිචාර දක්වා ඇත. “එනම් සැබැවින්ම අපා ගින්නට පිවිසෙන තැනැත්තන් ඉන් බැහැර වන්නේ නැත. සැබැවින්ම මහාපාපයන් සිදු කළ තැනැත්තා අපා ගින්නේ වෙයි” යන ප්රකාශය දරණ ‘අල්කවාරිජ්වරු හා මුඃතසිලා වරුන්ටය. පසුව උත්තරීතර අල්ලාහ් ඔවුනට මෙසේ පවසයි: “නුඹලා යනු. කවර හදවතක දීනාරයක තරම් දේවත්වය පිළිබඳ විශ්වාසයක් නුඹලා දුටුවේ ද ඔහුව අපා ගින්නෙන් එළියට ගනු. ඔවුන්ගේ මුහුණු විනාශ කර දැමීම අල්ලාහ් නිරයට තහනම් කරයි. පසුව ඔවුහු ඔවුන් වෙත පැමිණෙති. ඔවුන්ගෙන් ඇතැමෙකුව අපා ගින්න ඔහුගේ පාදය දක්වා හසුකරගෙන තිබේ. ඇතැමෙකුව ඔහුගේ කෙණ්ඩයේ අඩක් දක්වා ද හසුකරගෙන තිබේ. ඔවුන් හඳුනන අයව ඔවුහු බැහැරට ගනිති. පසුව නැවත හැරී එති. පසුව ඔහු නැවතත් ඔවුනට: “නුඹලා යනු. කවර හදවතක දීනාර් භාගයක් තරම් දේවත්වය පිළිබඳ විශ්වාසය තිබෙනු නුඹලා දුටුවෙහු ද ඔහුව ද නුඹලා බැහැරට ගනු.” යැයි පවසයි. එවිට ඔවුන් හඳුනන අය ඔවුහු බැහැර කරති. පසුව නැවතත් ඔවුහු හැරී එති. පසුව ඔහු නැවතත්: “නුඹලා යනු. කවර හදවතක අනුවක තරම් දේවත්වය පිළිබඳ විශ්වාසය ඇත්තේ ද නුඹලා ඔහුව ද බැහැරට ගනු.” පසුව ඔවුන් හඳුනන අයව බැහැරට ගනිති.” එම අවස්ථාවේ අබූ සඊද් තුමා මෙසේ පවසා සිටියේය. නුඹලා මා සත්යය බව තහවුරු නොකරන්නේ නම් මෙම පාඨය පාරායනය කර බලනු. “නියත වශයෙන්ම අල්ලාහ් අනුවක තරම් අපරාධයක් නොකරයි. යම් යහපතක් වී නම් ඔහු එය ගුණ කරනු ඇත.” සබැවින්ම ගැත්තෙකුට අනුවක තරම් දේවත්වය ගැන විශ්වාසයක් ඇත්තේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට එය ගුණ කර දී ඒ හේතුවෙන් ඔහුව මුදවා ගන්නා බව මෙම පාඨය මගින් අබූ සඊද් තුමා ප්රසිද්ධියේම සාක්ෂි ඉදිරිපත් කළේය. පසුව මෙසේ පැවසීය. “නබිවරු, මලක්වරු හා දේවත්වය විශ්වාස කරන්නෝ මැදිහත් වෙති.” සැබැවින්ම මෙම කණ්ඩායම් තුන මැදිහත්වී කතා කරන බවට මෙය පැහැදිලි ප්රකාශයකි. සැබැවින්ම මැදිහත් වීම කවර මැදිහත් කරුවකුගෙන් දැයි දැන ගැනීම අනිවාර්යය වන්නේය. එය අල්ලාහ් ඒ සඳහා අවසර දීමෙන් පසුව මිස ඇති වන්නේ නැත. එය පෙර සඳහන් පරිදි ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් කරන ආයාචනය හා ඔහුගෙන් ඉල්ලා සිටීමෙන් පසුවය. පසුව ඔවුනට අවසරය පිරිනමයි. පසුව ඔහු ‘නුඹලා යනු. යැයි පවසයි. එසේ අවසානය දක්වාම දන්වා සිටියි. “එවිට මහා පාලකයාණන්, “මාගේ මැදිහත් වීම ඉතිරිව පවතී.” යැයි පවසා අපා ගින්නෙන් අහුරක් අහුරා ගනී. පසුව පිළිස්සුනු ජනයා බැහැර කරයි.” උත්තරීතරයාණන්ගේ මැදිහත් වීම යනුවෙන් අදහස් කරනුයේ වේදනා ලබන ඔවුන් සඳහා වූ ඔහුගේ කාරුණිකභාවයයි. පසුව ඔහු ඔවුන් අපා ගින්නෙන් බැහැර කරනු ඇත. “අහුරක් අහුරා ගනී” යන ප්රකාශය වනාහි එහි අල්ලාහ්ට අහුරා ගැනීම යන ගුණාංගය පවතින බව තහවුරු කරයි. එසේ උත්තරීතර අල්ලාහ්ගේ ග්රන්ථයේ මෙන්ම ඔහුගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සුන්නාවේ අත මෙන්ම මිටමොළවා අහුරා ගැනීම යන ගුණාංග තහවුරු කරන කෙතරම් දෝ ප්රකාශ පවතී. නමුත් විකෘති කරමින් වැරදි ලෙස අර්ථ කථනය කරන්නෝ එය පිළිගැනීමටත් එය විශ්වාස කිරීමටත් ප්රතික්ෂේප කරති. සැබැවින්ම අල්ලාහ් පැවසූ දෑ හා ඔහුගේ දූතයාණන් පැවසූ දෑ සත්යයක් බව ඔවුන් මතු දැනගනු ඇත. සැබැවින්ම ඔවුන් මෙම විෂයයෙහි නොමග ගොස් ඇත. සුවිශුද්ධයාණන් අපා ගින්නෙන් අහුරක් අහුරා ගෙන පිළිස්සී අළු බවට පත්වූ ජනයා බැහැර කරයි. “කට අසළ ස්වර්ගය ඇති ගංගාවක හෙළනු ලැබේ. එයට ‘මාඋල් හයාත්’ ජීවත් කරවන ජලය යනුවෙන් පවසනු ලැබේ. ඒ දෙකෙළවරෙහි ඔවුන් හට ගැනෙනු ඇත.” ‘මාඋල් හයාත්’ නම් ජීවත් කරවන ජලය නමින් හඳුන්වන ස්වර්ගය අසබඩ ඇති ගංගාවක ඔවුන් හෙළනු ලබති. එම ජලයෙහි ගිලුණු අයට ජීවය ලැබෙයි. එම අවස්ථාවේ අපා ගින්නේ පිළිස්සී ගිය ඔවුන්ගේ හම්, ඔවුන්ගේ බැල්ම එම ගඟ අසල වැඩෙනු ඇත. “එවිට කොළ රොඩු උසුලා ගලා යන ජලයේ බීජ හටගන්නාක් මෙන් ඒ දෙපස ඔවුන් හට ගනිති. ගල් පර්වත අසළ ද ගස් අසළ ද නුඹලා ඒවා දකිනු ඇත. ඒ අතරින් හිරුට නැඹුරුව ඇති දෑ කොළපැහැයෙන් පවතී. ඒ අතරින් හෙවණැල්ලට නැඹුරුව ඇති දෑ සුදුපැහැයෙන් පවතී.” මෙයින් අදහස් කරනුයේ ඉතා ඉක්මණින් ඔවුන්ගේ හම් මතුවන බවයි. ඊට හේතුව සැබැවින් කොළරොඩු උසුලා යන ජල පහරක සඳහන් කළ පරිදි පැලෑටි ඉක්මණින් හට ගනී. ඒ අනුව හෙවණැලි පෙදෙසෙහි සිටින්නන් සුදුවර්ණයෙන් ද හිරු අසළ සිටින්නන් කොළ වර්ණයෙන් ද සිටිනු ඇත. එය එහි පත්රිකාවල ඇති දුර්වලකම හේතුවෙනි. ඔවුන්ගෙන් ඇතැමෙක් පවසන පරිදි එලෙස ඔවුන්ගේ වැඩීම සිදු වීම අනිවාර්යය නොවන්නේය. ඔවුන් පවසා සිටිනුයේ. ස්වර්ගය අසල සිටින්නන් සුදුවන් පැහැයෙන් වන අතර අපා ගින්න අසළ සිටින්නන් කොළවන් පැහැයෙනි සිටින බවයි. කෙසේ වෙතත් සඳහන් කරන ලද වැඩීම ඔවුනට උපමා කර ඇත්තේ එය මතුවීමේ වේගවත්බව සියුම් බව පෙන්වා දෙන විෂයයෙහිය. එබැවින් අල්ලාහ් මෙසේ පැවසීය. “ඔවුන් මුතු මෙන් බැහැරට එනු ඇත.” එනම් ඔවුන්ගේ ශරීරය සුදු පැහැයෙන් හා අලංකාරයෙන් පවතින බවයි. “ඔවුන්ගේ ගෙලවල්හි රණින් වූ ගෙල මාල දමනු ලැබේ” යන ප්රකාශය වනාහි තවත් වාර්තාවක සඳහන් පරිදි මෙම ගෙලමාලවල “මොවුහු මහාකාරුණිකයාණන් විසින් අපා ගින්නෙන් නිදහස් කරනු ලැබූ අය වෙති.” යැයි සටහන් කර තිබේ. “ඔවුහු ස්වර්ගයට පිවිසෙති.’ ස්වර්ග වාසීහු “මොවූහු මහා කරුණිකයාණන් විසින් මුදවාගත් අය වෙති. ඔවුන් කළ කිසිදු ක්රියාවක් හෝ ඔවුන් ඉදිරිපත් කළ කිසිදු යහපතක් හෝ යන හේතුවෙන් තොරව ඔහු ඔවුන්ව ස්වර්ගයට ඇතුළත් කර ඇත.” යන ප්රකාශය වනාහි, ඉන් අදහස් කරනුයේ සැබැවින්ම ඔවුන් මෙලොවෙහි කිසිදු දැහැමි ක්රියාවක් සිදු කර නැත. නමුත් ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව සාක්ෂි දරමින් ඔවුන්ගේ දූතයාණන්ව විශ්වාස කරමින් ඔවුන් තුළ මූලික වශයෙන් දේව විශ්වාසය තිබිණ. “එවිට ඔවුනට “නුඹලා දකින දෑ ද, ඒ සමගම ඒ හා සමාන දෑ ද නුඹලාට ඇතැ”යි පවසනු ලැබේ.” යන ප්රකාශය වනාහි ස්වර්ගයේ හිස්ව ඇති තැන්වලට ඔවුහු පිවිසෙන බව පෙන්වා දෙයි. එසේ ඔවුනට පවසනු ලබනුයේ එබැවිනි.