තමන් විසින් තම සහෝදර මුස්ලිම්වරයාට ඔහුගේ මාන්‍යය, ධනය, ජීවිතය කෙළෙසන පරිදි යම් අපරාධයක් සිදු වූයේ නම්, තමන් කළ වරදට අපරාධයට ලක් වූ තැනත්තාට වන්දි වශයෙන් රන් දීනාරයක් හෝ රිදී දිර්හමයක් හෝ දීමෙන් ප්‍රයෝනජවත් නොවන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණීමට පෙර මෙලොව සිටිය දීම තමන් විසින් අපරාධයට ලක් වූ එම තැනැත්තාගෙන් සමාව ඉල්ලා නිදහස් විය යුතුයි. එදින සමප්‍රතිචාර දක්වනුයේ කුසලට අකුසලය. එනම් අපරාධයට ලක්වූ තැනැත්තා අපරාධකරුගෙන් තමන්ට සිදු අපරාධයේ තරමට කුසල් අත්පත් කර ගනු ඇත. අපරාධකරු සතුව යහපත් කුසල් නොමැති නම්, අපරාධයට ලක් වූ තැනැත්තාගේ අකුසල් ගෙන අපරාධයේ තරමට අපරාධකරු මත පටවනු ඇත.