මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය කරන ස්ථානයෙන් ස්වර්ගය වෙත හෝ නිරය වෙත හෝ කරුණු කිහිපයක් විමසනු ලබන තෙක් කිසිදු මිනිසෙකු තරණය නොකරන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි. පළමු වැන්න: ඔහු ගත කළ ඔහු වැය කළ ඔහුගේ ජීවිතය. දෙවැන්න: ඔහුගේ දැනුම ගැන. ඔහු එය අල්ලාහ් වෙනුවෙන් සෙව්වේ ද? ඒ අනුව කටයුතු කළේ ද? එය අදාළ තැනැත්තන්හට දන්වා සිටියේ ද යන වග, තුන්වැන්න: ඔහුගේ ධනය ගැන. ඔහු එය සෙව්වේ කොතැනින් ද? එය අනුමත ද තහනම් ද? අල්ලාහ් තෘප්තියට පත්වන කරුණක වියදම් කළේ ද නැතහොත් ඔහු උරණ වන කරුණක වියදම් කළේ ද? යන වග, සිව්වැන්න: ඔහුගේ ශරීරය, ඔහුගේ බලය, ඔහුගේ සුවය, ඔහුගේ තාරුණ්‍යය ගැන. එය කවර කරුණක වැය කළේ ද එය කවර ආකාරයෙන් ප්‍රයෝජනයට ගත්තේ ද යන වග.