මෙලොවෙහි පිහිටා ඇති සය්හාන්, ජය්හාන්, ෆුරාත් හා නය්ල් යන ගංගාවන් හතර ස්වර්ගයේ ගංගාවන් අතුරින් වන බව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වර්ණනා කළහ. ඇතැම් විද්වත්හු පවසන අන්දමින්, සැබෑ ලෙසින්ම ඒවා ස්වර්ගයේ ගංගාවන්ය. නමුත් මෙලොවට පහළ කරනු ලැබූ කල්හි මෙලොවෙහි ගංගාවන් ඒ මත ගලා ගොස් ඒවා මෙලොවෙහි ගංගාවන් බවට පත් වී ඇති බවයි.