නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම, ස්වර්ගයේ ගසක් ඇත, තරඟයට සූදානම් කරන ලද වේගවත් අශ්වයකු මත නැග යන කෙනෙක් වසර සියයක් ගමන් කළ ද ඔහු එය තරණය නොකරනු ඇත." صحيح - متفق عليه
explain-icon

විවරණය

ඇත්ත වශයෙන්ම ස්වර්ගයේ ගසක් ඇති බවත්, තරඟයට සූදානම් කරන ලද වේගවත් අශ්වයකු මත නැග යන කෙනෙක් ඊට පහළින් වසර සියයක් වේගයෙන් ගමන් කළ ද එහි බරවී පවතින අත්තෙහි අවසානය දක්වා ඔහුගේ ගමන ඔහු අවසන් කර නොගන්නා බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.

explain-icon

හදීසයේ හරය

  • ස්වර්ගයේ පුළුල්භාවය හා එහි ගස්වල විශාලත්වය විස්තර කිරීම.
explain-icon

අමතර