සැබැවින්ම මෙලොව පවතින ගින්න අපා ගින්නේ හැත්තෑවෙන් එක් කොටසක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා ඇත. ඒ අනුව, මතුලොව ගින්නෙහි උෂ්ණත්වය මෙලොව ගින්නේ උෂ්ණත්වයට වඩා කොටස් හැට නවයකින් අධිකය, බලවත් ය. ඉන් සෑම කොටසක්ම මෙලොව ගින්නේ උෂ්ණත්වයට සමාන වන්නේය. එවිට "අල්ලාහ්ගේ දූතයාණනි! එහි පිවිසෙන්නාට දඬුවම් කිරීම සඳහා මෙලොව ගින්නම ප්‍රමාණවත් වේ" යැයි පවසනු ලැබීය. එවිට එතුමා: අපා ගින්න මෙලොව ගින්නට වඩා හැට නව කොටසකින් අධික කරනු ලැබ ඇත. ඒවා සියල්ල දැඩි උෂ්ණත්වයෙන් සමානය යැයි පැවසුහ.