ස්වර්ගයේ ඇති ඇතැම් සුව පහසුකම් පිළිබඳව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. සැබැවින්ම දේවත්වය විශ්වාස කළ මුඃමින්වරයාට ස්වර්ගයේ සමචතුරශ්‍ර හැඩයෙන් යුත් එකම පළිඟුවකින් නිමා කරන ලද විශාල කූඩාරමක් සතු වේ. එහි පළල හා අහස දෙසට වූ එහි උස සැතපුම් හැටකි. සෑම පැතිකඩකම කොණකම කෙළවරකම භාර්යාවන් සිටිති. ඔවුන් එකිනෙකා අනෙකාව නොදකිනු ඇත. දේවත්වය විශ්වාස කරන්නා ඔවුන් වටා සැරිසරනු ඇත.