නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ මෙනෙහි කර සිටියහ. "ස්වර්ගවාසීන් ස්වර්ගයේ භුක්ති විඳිමින් සිටිය දී 'සැබැවින්ම ඔබට සුවය ඇත. ස්වර්ගයේ කිසිවිටෙක සුළු රෝගී තත්ත්වයක් හෝ ඔබට හට ගන්නේ නැත. තවද සැබැවින්ම ඔබ ජීවිතය ගත කරනු ඇත. එහි කිසිවිටෙක ඔබ මරණයට පත් වන්නේ නැත. සුළු මරණය හෙවත් නින්දකට හෝ ඔබ වැටෙන්නේ නැත. ඔබ තරුණවියේ පසුවනු ඇත. එහි ඔබ කිසිවිටෙක මහලු වන්නේ නැත. තවද ඔබ එහි භුක්ති විඳිනු ඇත. එහෙයින් ඔබ එහි කිසිවිටෙක දුකට පත්වන්නේ නැති අතර බලාපොරොත්තු සුන් වී යන්නේ නැත. එය සර්ව බලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශයයි." එනම්: "නුඹලාගේ එම ස්වර්ගය නුඹලා උරුම කරගෙන ඇත්තේ නුඹලා සිදුකරමින් සිටි දෑ හේතුවෙනි යැයි ඔවුන් අමතනු ලබති."