ස්වර්ගයට පිවිසෙන්නන් හට ස්වර්ගයේ පවතින අවම නිලය අවම මට්ටම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ: එය, "ඔබ පතනු"යි ඔහුට කියනු ලැබෙයි. එවිට ඔහු පතයි. නැවතත් පතයි. ඔහුට කීමට තරම් කිසිදු ආශාවක් ඉතිරිව නොපවතින තරමට පතයි. එවිට ඔහුට: "ඔබ පැතුවෙහිදැ?"යි විමසයි. එවිට ඔහු: "එසේය" යැයි පවසයි. එවිට ඔහුට:"ඔබ පැතූ දෑ ද ඒ සමගම ඒ හා සමාන තවත් දෙයක් ද ද ඔබට හිමිය" යැයි පවසනු ඇත.