සහ්ල් ඉබ්නු සඃද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ඔබ අහසේ තරු දකින්නාක් මෙන් නියත වශයෙන්ම ස්වර්ග වැසියෝ ස්වර්ගයේ කුටි දකිනු ඇත.“ පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත
explain-icon

විවරණය

ස්වර්ග වැසියෝ, ශ්රේෂ්ටත්වයේ තරාතිරම් අනුව නවාතැනින්ද වෙනස් වන්නෝ වෙති. එය කෙතරම්ද යත්, නියත වශයෙන්ම උසස් තරාතිරම් ඇති ස්වර්ග වැසියන් දෙස ඔවුනට වඩා පහළින් සිටින අය දකිනුයේ තාරකාවන් දකින්නාක් මෙනි.