මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය හා අපා ගින්නේ දඬුවම ගැන බිය වීම පෙන්වා දෙන හදීසයකි. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම වළලු කරවල් දෙක දක්වාත් තම දණහිස් දෙක දක්වාත් තම ඉණ දක්වාත් අපා ගින්න ග්රහණය කරන අය එම ජනයා අතර සිටින බවත් තම ගෙල දක්වා එය ඔහුව ග්රහණය කරන අයත් ඔවුන් අතර සිටින බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැහැදිළි කළහ. ජනයා මෙලොවෙහි කළ ක්රියාවන් අනුව ඔවුන්ගේ දඬුවම උස්පහත් වන්නේය. එයින් සැනසුම අල්ලාහ්ගෙන් පතමු.