අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “පාපකම් ලියැවෙන වසයට පත් නොවූ දරුවන් තිදෙනෙකු මිය ගිය මුස්ලිම්වරයකු වනාහි, ඔවුන් වෙත වූ ඔහුගේ කරුණාවෙහි භාග්යය හේතුවෙන් අල්ලාහ් ඔහු ස්වර්ගයට ඇතුළත් කරනු මිස නැත.“ පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

මුස්ලිම්වරුන් අතුරින් කෙනෙකු සතු වැඩිවියට පත් නොවූ පිරිමි දරුවන් හෝ ගැහැණු දරුවන් තිදෙනෙකු මිය ගොස් ඇත්නම් ඔහු ස්වර්ගයට පිවිසීමට එය හේතුවක් වනු මිස නැත.

explain-icon

අමතර