නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබූ සඊද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “පෙරදිග හෝ අපරදිග ක්ෂිතිජයෙහි දිව යමින් බැබලෙන තාරකාවන් දෙස බලන්නාක් සේ නියත වශයෙන්ම ස්වර්ග වැසියන් ඔවුනට ඉහළින් ඇති කුටිවල වාසය කරන්නන් දෙස බලමින් සිටිති. එය ඔවුන් අතර පවතින තරාතිරම් හේතුවෙනි.“ “අල්ලාහ්ගේ දූතයාණෙනි! ඒ නබිවරුන්ගේ නවාතැන් වෙත ඔවුන් හැර වෙන කිසිවකුට ළඟා විය නොහැකිදැ“යි විමසා සිටියහ. එතුමා, “එසේය, මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. ඔවුහු අල්ලාහ් විශ්වාස කොට රසූල්වරන් සත්යය කළ මිනිසුන් වෙති.“ පූර්ව සාධක සහිත හදීසයකි - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත