ෆජ්ර් සලාතයක දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් බිලාල් තුමාට මෙසේ පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරයි: "අහෝ බිලාල්! බලාපොරොත්තු සහගතව ඔබ ඉස්ලාමයේ කවර ක්‍රියාවක් කර තිබේ ද? සැබැවින්ම ස්වර් ගයේ මා ඉදිරියෙන් ඔබ තබන ඔබේ පාවහන් දෙකෙහි හඬ මට ඇසුණි" යැයි පැවසුහ. බිලාල් (රළියල්ලාහු අන්හු) තුමා: 'බලාපොරොත්තු සහගතව සිදු කළ විශේෂ ක්‍රියාවක් මා සතුව නොවීය. නමුත් සැබැවින්ම මම රාත්‍රියේ හෝ දහවලේ හෝරාවක පිරිසිදු කරගත්තේ නම්, එම පිරිසිදුභාවයෙන්ම මට ඉටු කිරීමට නියම කළ සලාතය ඉටු කළෙමි' යැයි පැවසීය." صحيح - متفق عليه
explain-icon

විවරණය

තමන් ස්වර්ගයේ ඉන්නා දසුනක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සිහිනෙන් දුටුහ. එවිට එතුමාණන් බිලාල් ඉබ්නු රබාහ්ට: "ඉස්ලාමය තුළ බලාපොරොත්තුවෙන් යුතුව ඔබ කළ අතිරේක ක්‍රියාව කුමක්දැයි මට දන්වන්න. ස්වර්ගයේ දී ඔබ මා ඉදිරියෙන් ගමන් කරන විට ඔබේ පාවහන් යුගල සෙලවන විට එහි හඬට මම සවන් දුන්නෙමි" යැයි පවසා සිටියහ. බිලාල් තුමා මෙසේ පැවසීය: බලාපොරොත්තු සහගතව මා කළ විශේෂ ක්‍රියාවක් මා සතුව නැත. රාත්‍රියේ හෝ දහවලේ හෝ වේවා වුළූ ගත් තත්ත්වයෙන් මිස එක් හෝරාවක් හෝ මම කිලිටි තත්ත්වයේ හිඳ නැත. පසුව එම වුළූ තත්ත්වයෙන්ම මා වෙත නියම කරන ලද පොදු අතිරේක සලාතයන් මම මාගේ පරමාධිපතිට ඉටු කළෙමි.

explain-icon

හදීසයේ හරය

  • බිලාල් (රළියල්ලාහු අන්හු) තුමා පෙන්වා දුන් ක්‍රියාවේ මහිමය. එය වුළූ දෝවනය කර පිරිසිදුවූ සෑම මොහොතකම ඉටු කරන සලාතයයි. සැබැවින්ම එය වඩාත් බලාපොරොත්තු සහගත ක්‍රියාවක් වන අතර ස්වර් ගයට ඇතුළු වීමට එය හේතුවක් වෙයි.
  • සෑම වුළූ දෝවනයකින් පසුවම සලාත් ඉටු කිරීම නිර් දේශ කරන ලද සතුටුදායක ක්‍රියාවකි.
  • ආදර් ශමත් අයෙක් හෝ පුහුණුකරුවෙක් තම ශිෂ්‍යායගේ ක්‍රියාව පිළිබඳ විමසා සිටීම. එය යහපත් නම් ඔහු එම ක්‍රියාවේ අඛණ්ඩව නිරත වීමට එය පෙළඹවීමක් කරයි. එය එසේ නොවූයේ නම් ඔහුව එයින් වළක්වයි.
  • බිලාල් (රළියල්ලාහු අන්හු) තුමා ස්වර් ගවාසියෙකු බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් ලැබුණු සහතිකය.
  • මෙම ප්‍රශ්නය විමසා සිටියේ ෆජ්ර් සලාතයේ දීය. එහි දී පෙන්වා දෙනුයේ එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සිහිනයේ දී සිදු වූ බවක්ය. එමෙන්ම නබිවරුන්ගේ සිහින සැබෑවකි.
explain-icon

අමතර