තමන් ස්වර්ගයේ ඉන්නා දසුනක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සිහිනෙන් දුටුහ. එවිට එතුමාණන් බිලාල් ඉබ්නු රබාහ්ට: "ඉස්ලාමය තුළ බලාපොරොත්තුවෙන් යුතුව ඔබ කළ අතිරේක ක්‍රියාව කුමක්දැයි මට දන්වන්න. ස්වර්ගයේ දී ඔබ මා ඉදිරියෙන් ගමන් කරන විට ඔබේ පාවහන් යුගල සෙලවන විට එහි හඬට මම සවන් දුන්නෙමි" යැයි පවසා සිටියහ. බිලාල් තුමා මෙසේ පැවසීය: බලාපොරොත්තු සහගතව මා කළ විශේෂ ක්‍රියාවක් මා සතුව නැත. රාත්‍රියේ හෝ දහවලේ හෝ වේවා වුළූ ගත් තත්ත්වයෙන් මිස එක් හෝරාවක් හෝ මම කිලිටි තත්ත්වයේ හිඳ නැත. පසුව එම වුළූ තත්ත්වයෙන්ම මා වෙත නියම කරන ලද පොදු අතිරේක සලාතයන් මම මාගේ පරමාධිපතිට ඉටු කළෙමි.