එක් දිනක් රාත්‍රියේ සහාබාවරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සිටියහ. එවිට එතුමාණෝ (දහ හතරවැනි චන්ද්‍ර දින) චන්ද්‍රයා දෙස බලා මෙසේ පැවසූහ. සැබැවින්ම දේවත්වය විශ්වාස කළ මුඃමින්වරු කිසිදු සැකයකින් තොරව, තම පරමාධිපතියාණන්ව දෑසින්ම දැක බලාගනු ඇත. උත්තරීතර අල්ලාහ්ව දකින අවස්ථාවේ ඔවුන් තද බදයට පත් නොවෙති. ඔවුනට වෙහෙසක් හෝ දුෂ්කරතාවක් හෝ හට නොගැනේ. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ. ෆජ්ර් සලාතයෙන් සහ අසර් සලාතයෙන් ඔබේ අවධානය වෙනතකට යොමු කරන හේතු සාධක කපා හැර, කණ්ඩායමක් ලෙස නියමිත වේලාවේ ඒ දෙක සම්පූර්ණයෙන් ඉටු කිරීමට ඔබට හැකි නම්, සැබැවින්ම එය සර්ව බලධාරී අල්ලාහ්ගේ මුහුණ දැකීමට හේතුවක් වනු ඇත. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පාරායනය කළහ. "'හිරු උදාවීමට පෙර හා අවරට යෑමට පෙර ඔබේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔබ සුවිශුද්ධ කරනු"