නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එක්තරා සංග්‍රහයක් අතර තම මිතුරන් සමග සිටියහ. එතුමාණන් වෙත එළු අතක් පිළිගන්වනු ලැබීය. එතුමාණන් වඩාත් ප්‍රිය කරන මස් කොටස එය විය. එතුමාණන් තම දත් කොණින් කටක් හපා ඔවුනට මෙසේ පවසා සිටියහ. "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මම ආදම්ගේ දරුවන් අතර ප්‍රධානියා වෙමි. එය උත්තරීතර අල්ලාහ්ගේ ආශිර්වාද පවසා සිටින්නක් ලෙසය." "ඒ ගැන ඔබලා දන්නෙහු ද?" යැයි විමසා සිටියහ. "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන තෙක් විශාල පුළුල් දිගු හැරුණු එක් තැනක සියලු දෙනා රැස් කරනු ලැබේ. එහි ඇරයුම් කරන්නාගේ ඇරයුමට සවන් වැකෙන්නටත්, බලන්නාට ඔවුන් දකින්නටත් සළස්වනු ඇත. ඔවුන් අතරින් කිසිවෙකු ඉන් සැඟවෙන්නේ නැත. මහ පොළොව පැතිලි බැවින් දකින කිසිවෙකු ඔහුට මුවා වෙන්නේ නැත. බැල්ම ඔවුන් මත ක්‍රියාත්මක වෙයි. ඉන් අදහස් කරන්නේ මිනිසා යමක් කතා කළ විට තවත් කෙනෙකු ඔවුනට සවන් දෙයි. ඔවුන් දෙස බලයි. හිරු සැතපුමක දුර ප්‍රමාණයෙන් ඔවුනට සමීප වෙයි. එවිට ජනයාට දරාගත නොහැකි ඉසිලිය නොහැකි වේදනා හා ව්‍යසන ඔවුනට ළඟා වනු ඇත. එවිට ඉන් මිදීම සඳහා ඔවුන් වෙනුවෙන් මැදිහත් වන උදවිය සොයන්නට ගනී." මානවයාගේ පියා ආදම් වෙත යන්නට අල්ලාහ් දේවත්වය විශ්වාස කළ ජනයාට ආශිර්වාද කරයි. ඔවුහු ඔහු වෙත ගොස් ඔහුගේ මහිමය මෙනෙහි කර සර්වබලධාරී අල්ලාහ් අබියස ඔවුන් වෙනුවෙන් මැදිහත් වනු මැනව යැයි පවසා, "අහෝ ආදම්! ඔබ මිනිස් වර්ගයාගේ පියාණන්ය. අල්ලාහ් තම අතින්ම ඔබ ව මවා ඇත. ඔබට සුජූද් කිරීමට මලක්වරුන්ට ඔහු නියම කළේය. සෑම දෙයකම නාමයන් ඔහු ඔබට ඉගැන්වීය. ඔහුගේ ප්‍රාණයෙන් ඔබ වෙත පිම්ඹේය. එහෙයින් අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න" යැයි ඉල්ලා සිටිති. නමුත් එතුමා නිදහසට කරුණු දක්වමින්, "සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කෝප නොවූ අයුරින් හා මින් පසු කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින කෝපයට පත්ව ඇත" යැයි පවසා තම වැරැද්ද මෙනෙහි කර සිටියි. එය සුවිශුද්ධ අල්ලාහ් එක්තරා ගසකින් අනුභව කිරීම තහනම් කර තිබිය දී තමන් එය අනුභව කර තිබීමය. තවදුරටත් හෙතෙම එම වැරැද්ද උරුම වූ "අහෝ මගේ ආත්මය! කෙසේ නම් මැදිහත් වන්න ද?" යැයි පවසා "නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා නූහ් වෙත යන්න” යැයි ඔහු පවසයි. පසුව ඔවුහු නූහ් වෙත පැමිණ මෙසේ පවසති. "පොළෝ වාසීන් වෙත එවන ලද පළමු ධර්ම දූතයා සැබැවින්ම ඔබ ය. අල්ලාහ් ඔබට ‘කෘතවේදී ගැත්තා’ යැයි නම් තබා ඇත. (එබැවින් අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න.)" යැයි ඉල්ලා සිටිති. ඔහු ද නිදහසට කරුණු දක්වමින් සැබැවින්ම අල්ලාහ් මීට පෙර කෝප නොවූ අයුරින් හා මින් පසු කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින කෝපයට පත්ව ඇති බවත් තමන් සතුව ප්‍රාර්ථනාවක් තිබුණු බවත්, එය තම ජනයාට එරෙහිව ප්‍රාර්ථනා කිරීමට යොදා ගත් බවත් පවසා, මැදිහත් වීම නියම වූ අහෝ මාගේ ආත්මය! යැයි පසුතැවිලි වී "නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා ඉබ්රාහීම් වෙත යන්න." යැයි පවසයි. පසුව ඔවුහු ඉබ්රාහීම් වෙත පැමිණ ඔහුට මෙසේ පවසති. "ඔබ පොළෝවාසීන් අතර අල්ලාහ්ගේ මිතුරා විය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වී කතා කරන්න. අප කවර කරුණක සිටින්නේ දැයි ඔබ නො දුටුවෙ හි ද?" එවිට එතුමා ඔවුනට, "සැබැවින්ම මීට පෙර කිසිකලෙක කෝප නොවූ අයුරින් මින් පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් සැබැවින්ම මාගේ පරමාධිපති අද දින කෝප වී ඇත. සැබැවින්ම මම බොරු තුනක් පවසා ඇත්තෙමි. පළමු ප්‍රකාශය සැබැවින්ම මම කුඩා අයෙකි. දෙවැනි ප්‍රකාශය මේ දේ සිදු කළේ ඒවා අතර ඇති මේ විශාල දෑය. තුන්වැනි ප්‍රකාශය, ඔහුගේ බිරිය වන සාරාට, මම ඔබේ සහෝදරයා යැයි ඔහුට පවසනු. එවිට ඔහුගේ හිංසනයෙන් ඔහු ආරක්ෂාව ලබනු ඇත. සැබෑ යථාර්ථය නම් මෙම ප්‍රකාශ තුන සිදු වූයේ වක්‍රාකාර කතනයක් ලෙසිනි. නමුත් එහි ස්වරූපය සත්‍යයට පටහැනි ස්වරූපයෙන් විය. කවරෙකු අල්ලාහ්ව මැනවින් වටහා ගත්තේ ද තරාතිරමින් වඩාත් සමීප වූයේ ද බලවත් සේ බියට පත් වන්නා ඔහු වැන්නන් වන බැවින් මැදිහත් වීමට තමන් පහත් අයකු ලෙස සිතා මෙසේ පවසා සිටියේය. "මැදිහත් වීමක් වෙත අවශ්‍ය වන්නේ මගේ ආත්මයයි! ඔබ වෙනත් කෙනෙකු වෙත යන්න නුඹලා මූසා වෙත යන්න." යැයි පැවසුහ. පසුව ඔවුහු මූසා වෙත ගොස්, "අහෝ මූසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. අල්ලාහ් ඔහුගේ දූත මෙහෙය හා ඔබ ඔහු සමග කතා කිරීම තුළින් ඔහු ඔබව ජනයා අතර භාග්‍යවන්තයකු බවට පත් කර ඇත. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නො දකින්නෙහි ද?" යැයි පවසති. එවිට ඔහු, "සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මින්පසු ද එලෙස කෝප නොවන පරිදි අද දින ඔහු දැඩි සේ කෝප වී ඇත. සැබැවින්ම මම මරණ දඬුවම දීමට නියෝග කරනු නො ලැබූ ආත්මයක් මම මරා දමා ඇත්තෙමි. "මැදිහත් වීමක් වෙත අවශ්‍ය වන්නේ මගේ ආත්මයයි! නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා ඊසා වෙත යන්න" යැයි පවසයි. පසුව ඔවුහු ඊසා වෙත ගොස් ඔවුහු, "අහෝ ඊසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. මර්යම් වෙත හෙළු ඔහුගේ වදනකි. ඔහුගෙන් වූ ආත්මයකි. ඔබ තොටිල්ලේ සිටියදී කුඩා වියේම ජනයා සමග කතා කර ඇත්තෙහිය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වනු. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නො දකින්නෙහිද?” යැයි පවසති. එවිට එතුමා, “සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මීට පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින ඔහු දැඩි සේ කෝප වී සිටියි. නමුත් හෙතෙම පාපයක් සඳහන් කළේ නැත. මැදිහත් වීමට ඉල්ලා සිටින මාගේ ආත්මය! නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත යන්න” යැයි පවසයි. පසුව ඔවුහු මුහම්මද් වෙත පැමිණ මෙසේ පවසති. "අහෝ මුහම්මද් ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගේ මුද්‍රාවය. ඔබේ පෙර පව් හා පසු පව් සඳහා අල්ලාහ් ඔබට සමාව දී ඇත. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්නට පෙනී සිටන්න. අප කවර තත්ත්වයක සිටින්නේ දැයි ඔබ නොදකින්නෙහි ද?". "පසුව මම ගමන් කරමින් අර්ෂ් හෙවත් දේව රාජ්‍යයේ පහළට පැමිණ. මාගේ පරමාධිපතිට සුජූද් කර වැද වැටෙමි. පසුව මට පෙර වෙනත් කිසිවකුට විවෘත නොකළ ඔහුගේ ප්‍රශංසාවන් හා අලංකාර පැසසුම් මා වෙත අල්ලාහ් විවෘත කරයි. පසුව මෙසේ ප්‍රකාශ කරනු ලැබේ. 'අහෝ මුහම්මද්! ඔබේ හිස ඔසවන්න. ඉල්ලන්න, ඔබට එය පිරිනමනු ලැබේ. මැදිහත් වන්න, ඔබට මැදිහත් වීමට ඉඩ දෙනු ලැබේ.' යැයි පවසනු ලැබේ. පසුව මාගේ හිස මම ඔසවා ගනිමින්, 'අහෝ මාගේ පරමාධපතියාණනි!, මාගේ ප්‍රජාව, අහෝ මාගේ පරමාධිපතියාණෙනි!, මාගේ ප්‍රජාව! අහෝ මගේ පරමාධිපතියාණනි මාගේ ප්‍රජාව!' යනුවෙන් පවසමි. එවිට එතුමාණන්ගේ මැදිහත් වීම පිළිගනු ලබයි. එහිදී එතුමාණන්ට මෙසේ පවසනු ලැබේ. "අහෝ මුහම්මද්! කිසිදු විනිශ්චයක් නොමැති ඔබේ ප්‍රජාව සමග ස්වර්ගයේ දොරටු අතර දකුණු දොරටුවෙන් ඇතුලු වන්න. ඔවුහු සෙසු දොරටුවල සිටින ඔවුනට හවුල්කාර පිරිසක් වෙති. පසුව එතුමාණෝ, "මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. ස්වර්ගයේ දොරටු අතරින් දොරටු දෙකක් අතර ඇති දුර ප්‍රමාණය මක්කා හා යමනයේ සන්ආ අතර පවතින දුර හෝ මක්කාව හා සිරියාවේ බස්රා අතර පවතින දුර හා සමානය. එය හවුරාන් නගරය වේ.