මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හිරු මැවීම් අතරට ළං කරනු ලැබේ. සමීප කරවනු ලැබේ. එය සැතපුමක තරම් ඔවුන්ගේ හිසට ඉහළින් පිහිටන ආකාරයෙනි. අත්-තාබිඊ සලීම් ඉබ්නු ආමිර් තුමා මෙසේ පවසයි: අල්ලාහ් මත දිවුරා පවසමි. "මීල්" යනු එය මහපොළොවේ පවතින දුර ප්‍රමාණය ද එසේ නැතහොත් ඇසට කොහොල් දල්වන දැහැටියේ ප්‍රමාණය ද? යන දෙකින් කුමක්දැයි මම නොදනිමි. එතුමා මෙසේ පැවසීය: "මිනිසුන් තම තමන්ගේ ක්‍රියාවන්හි ප්‍රමාණයට අනුව දහඩිය තුළ ගිලී සිටී. ඒ අනුව ඔවුන්ගෙන් අතැමෙක් ඔහුගේ විලුඹ දෙක දක්වා ද, තවත් ඇතැමෙක් ඔහුගේ දණහිස් දෙක දක්වා ද, තවත් ඇතැමෙක් ඔහුගේ සරම් ගැට ගසන ඉඟටිය දක්වාද තවත් ඇතැමෙක් ඔහුගේ මුඛය දක්වා ද ගිලී සිටියි යැයි පවසා කතාව නතර කර ගත්හ." එතුමා මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණෝ තම අත තම කට දක්වා ඉඟි කර පෙන්වූහ.