මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණි විට උත්තරීතර අල්ලාහ් නිරා ගින්න මධ්යයේ සිරාත් පාලම තබනු ඇත. එම සිරාත් පාලම මත මුඩු කටුවක් තිබේ. පසුව ඒ මතින් ගමන් කරන මෙන් ජනයාට නියෝග කරනු ලැබේ. ඔවුන් අතරින් ඉන් මිදී ආරක්ෂාව ලබන්නන් සිටිති. අපා ගින්න ඔවුනට හිමි වන්නේ නැත. ඔවුන් අතරින් සීරීමට ලක්ව පසුව ආරක්ෂාව ලබා මිදෙන්නන් ද සිටිති. එමෙන්ම ඔවුන් අතරින් අපා ගින්නට වැටෙන්නන් ද සිටිති. අල්ලාහ් තම ගැත්තන්ගේ විනිශ්චය නිමා කොට, ස්වර්ග වාසීන් ස්වර්ගයටත් අපා වාසීන් අපා ගින්නටත් ඇතුළු කළ පසුව, ස්වර්ග වාසීන් අතර සිටින දේවත්වය විශ්වාස කරන්නෝ ඔවුන් සමග මෙලොවෙහි සලාත් ඉටු කරමින්, සකාත් නිකුත් කරමින්, උපවාසය රකිමින්, හජ් ඉටු කරමින්, ඔවුන් සමග එක්ව ජිහාද් කරමින් සිටි පිරිස නොදකිති. එවිට ඔවුහු උත්තරීතර අල්ලාහ්ගෙන්: “සැබැවින්ම අප සමග මෙලොවෙහි සලාත් ඉටු කරමින්, සකාත් නිකුත් කරමින්, උපවාසය රකිමින් හජ් ඉටු කරමින් හා ජිහාද්හි නිරත වෙමින් සිටි ජනයා අපි නොදකින්නෙමු’ යැයි පවසති. එවිට අල්ලාහ් නුඹලා අපා ගින්න වෙත යනු. ඔවුන්ගෙන් කිසිවකු හෝ නුඹලා එහි දුටුවේ නම් ඔහුව ඉන් බැහැරට ගනු. යැයි පවසයි. එවිට තම ක්රියාවන්ට අනුව අපා ගින්න අත් වූ ඔවුන්ව ඔවුන් දකිනු ඇත. ඔවුන් අතරින් තම දෙපා දක්වා ග්රහණය කළවුන් වෙති. තවද ඔවුන් අතරින් තම කෙණ්ඩ දෙකෙහි අඩක් දක්වා ග්රහනය කළවුන් ද වෙති. තවද ඔවුන් අතරින් තම දණහිස් දෙක දක්වා ග්රහණය කළවුන් ද වෙති. තවද ඔවුන් අතරින් තම පපුදෙක දක්වා ග්රහණය කළවුන් ද වෙති. ඔවුන් අතරින් ගෙල දක්වා ග්රහණය කළවුන් ද වෙති. එනමුත් අපා ගින්න ඔවුන්ගේ මුහුණු වෙත ළඟා නොවෙයි. පසුව ඔවුන් සම්බන්ධයෙන් ඔවුහු මැදිහත් වී අපා ගින්නෙන් බැහැරට ගෙන ජීවත් කරවන ජලයට හෙළනු ලැබේ. එය එහි ගිලෙන්නන් ජීවත් කරවන ජලයයි. ගලා යන ජලයේ පැළෑටි හටගන්නාක් මෙන් ඔවුහු හටගනිති. පසුව එයින් ඔවුන් එළියට රැගෙන ජීවත් කරවන ජලයේ විසි කරනු ලැබේ.’ යැයි පවසයි. ‘අල්ලාහ්ගේ දූතයාණනි! ජීවත් කරවන ජලය යනු කුමක් ද? යැයි විමසනු ලැබීය. එතුමා ස්වර්ගවාසීන් සෝදන ජලයයි. පසුව “අවංක ලෙසින් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැතැයි සාක්ෂි දැරූ සෑම කෙනෙකු විෂයයෙහිම නබිවරුන් මැදිහත් වී ඔවුන්ව අපා ගින්නෙන් බැහැර කරති. පසුව අල්ලාහ් අපා ගින්නේ සිටින්නන් හට තම දයාවෙන් කරුණාව පෙන්වනු ඇත. තම හදවතෙහි අබ ඇටයක තරම් දේව විශ්වාසයක් සහිත ගැත්තෙකු වී නම්, ඔහුව එයින් බැහැර කරනු මිස අත්හැර නොදමනු ඇත.”