“බංකොලොත්කරු කවුරුන්දැයි ඔබ දන්නෙහු ද?” යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ විමසූහ. ඔවුහු ‘අප අතර බංකොලොත්කරු වන්නේ දිර්හම් හෝ වස්තුව නොමැති අය වේ’ යැයි පැවසූහ. එවිට එතුමාණෝ: “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම මාගේ සමූහයා අතර බංකොලොත්කරු වන්නේ කෙනෙක් සලාතය, උපවාසය හා සකාත් වැනි යහ ක්‍රියාවන් සමග පැමිණිය ද ඒ සමගම ඔහු කෙනෙකුට දොස් නඟා බැන වැද, ඔහුගේ මාන්‍ය කෙළෙසන පරිදි ඔහු ගැන අවලාද නගා, ඔහුගේ ධනය සූරා කා පැහැර ගෙන, ඔහුගේ රුධිරය හළා ඔහුට අපරාධ කර, ඔහුට පහර දී අවමානයට පත් කර තත්ත්වයේ පැමිණෙන පුද්ගලයා ය. එවිට අපරාධ කළ තැනැත්තාගේ යහපත ගෙන අගතියට පත් වූ තැනැත්තාට පිරිනමනු ලැබේ. මොහුට තීන්දු දීමට පෙර ඔහුගේ යහපත අවසන් වූ විට අගතියට පත් වූ අයගේ වැරදි ගෙන අපරාධකරුගේ වාර්තාව තුළට ඇතුළත් කරනු ලැබේ. පසුව ඔහුට යහකම් නැති වූ තත්ත්වයේ ඔහු අපා ගින්නට විසි කරනු ලැබේ.