අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුල් කාලීන අය හා අවසන් කාලීන අය අල්ලාහ් එකට එක් රැස් කරන විට, වංචා කරන සෑම කෙනෙකු වෙනුවෙන්ම ධජයක් ඔසවනු ලැබේ. පසුව ඔහුට: 'අසවල් පුද්ගලයාගේ පුත් මේ පුද්ගලයාගේ වංචාව මෙය වේ' යැයි පවසනු ලැබේ." صحيح - متفق عليه
explain-icon

විවරණය

"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුල් කාලීනයන් හා අවසන් කාලීනයන් විනිශ්චය සඳහා අල්ලාහ් එකට එක් රැස් කරන විට, අල්ලාහ් සමග හෝ මිනිසුන් සමග බැඳුණු ගිවිසුම් ඉටු නොකළා වූ වංචනික සෑම කෙනෙකු වෙනුවෙන්ම ධජයක් හිටවනු ලැබේ. එමගින් ඔහුගේ වංචනිකභාවය පැහැදිලි වෙයි. එදින ඔහුට මෙසේ අමතයි." යැයි නබි තුමාණන් පැවසුහ. මෙය මේ පුද්ගලයාගේ පුත් මේ පුද්ගලයාගේ වංචාවයි. එය එක් රැස් කරනු ලබන පිරිස අබියස ඔහු කළ නපුර විදහා පෑමක් ලෙස ය.

explain-icon

හදීසයේ හරය

  • වංචාව හා රැවටීම සම්බන්ධයෙන් දැඩි අවවාද පැමිණ ඇති බැවින් එය තහනම් කරන ලද්දකි. එය මහා පාපකම් අතරින් එකකි.
  • අවවාද කරනු ලැබූ මෙම වංචාව අතරට ජීවිතය, මාන්‍යය, රහස්‍ දෑ හෝ මුදල් සඳහා ඔබව විශ්වාසවන්තයෙකු ලෙස ගත් පසු ඔබ ඔහුට ද්‍රෝහිකම් කිරීමත් ඔබේ විශ්වාසය ගැන ඔහුගේ අදහස අත්හැර දැමීමත් ඇතුළත් වේ.
  • කුර්තුබී තුමා මෙසේ පවසයි: "මෙම ආමන්ත්‍රණය මෙලෙස ක්‍රියා කරන අරාබිවරුන් සඳහා විය. මක්නිසාදයත් යමක් ඉටු කිරීම සඳහා ඔවුන් සුදු පැහැති ධජය ඔසවන අතර ද්‍රෝහිකමක් ඉටු කිරීම කළු පැහැති ධජය ඔසවන බැවිනි. එය එම ද්‍රෝහියාට දොස්නගනු වස් හා ඔහුව හෑල්ලු කරනු වස්ය. වංචනිකයාට සිදුවන මෙම සිදුවීම මෙම හදීසය ද විදහා දක්වයි. ඊට හේතුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ චරිතය ප්‍රසිද්ධියට පත් කොට, එසේ නතර කර තැබූවන් ඉදිරියේ ඔහුව අවමානයට පත් කරනු පිණිසය.
  • ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: "සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම තමන්ගේ පියවරුන්ගේ නාමය සහිතව මිනිසුන් අමතනු ලබති. එය නබි තුමාණන් විසින් 'මේ පුද්ගලයාගේ පුත් මේ පුද්ගලයාගේ වංචාව..' යැයි සඳහන් කර ඇති බැවිනි."