වාසිලා ඉබ්නු අස්කඃ -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. ((නියත වශයෙන්ම මුසාවෙන් අතිමහත් මුසාව තම පියා නොවන මිනිසෙකු පියා යැයි අමතනු ලැබීමත් තමන් නොදුටු දෑ දෑසින් දුටු බව පෙන්වීමත් අල්ලාහ්ගේ දූතයාණන් නොපැවසූ දෑ පැවසූ බවට පැවසීමත්ය. පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

අල්ලාහ් කෙරෙහි ගොතන වඩාත් දරුණුතම බොරු අතුරින් මහත් බොරුවක් වනුයේ මිනිසෙකු සැබෑ පියා නොවන කෙනෙකු වෙත පීතෘත්වය ඈදා සිටීම හෝ පියකු නොවන කෙනෙකුට තමන් පියා යැයි පවසා එය ඔහුට පිළිගැනීමට සැළැස්වීමයි. මෙය බොරු වර්ග අතුරින් දරුණුතම බොරුවකි. එමෙන්ම අල්ලාහ් අබියස වඩාත් දරුණුතම බොරු අතුරින් තවත් මහා බොරුවක් වනුයේ සිහිනෙන් දුටු, මූලික වශයෙන් නොදුටු දෙයක් සම්බන්ධයෙන් පුද්ගලයකු වාද කිරීමය. එමෙන්ම අල්ලාහ් අබියස වඩාත් දරුණුතම බොරු අතුරින් තවත් මහා බොරුවක් වනුයේ ක්රියාවෙන් වචනයෙන් හා පිළිගැනීමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අභියස නොවූ දෙයක් එතුමාට ඈඳීමය.

explain-icon

අමතර