හදීසයේ තේරුම: අවසන් කාලය සමීප වන විට, දේව විශ්වාසවන්තයාගේ සිහිනය සැබෑවක් වන්නේය. එය සිදුවන හෝ සිදුවන්නට යන දෙයක් පිළිබඳ තොරතුරක් වන්නේය. සිහිනයට අනුකූලව එය සිදුවනු ඇත. ඒ අනුව මෙම සිහිනය සැබෑ ලෙසින්ම නබිත්වයේ වහී ලැබෙන්නාක් මෙනි. "විශ්වාසවන්තයාගේ සිහිනය නබිත්වයේ කොටස් හතළිස් හයෙන් එක් කොටසකි." ඉන් අදහස් කෙරෙනුයේ, ගුප්ත දෑ පිළිබඳ තොරතුරු දන්වා සිටින අයුරින් පිහිටි නබිත්වයේ දැනුමය. නබිත්වය ශේෂව පවතින්නක් නොවීය. නමුත් එහි දැනුම ඉතිරිව පවතින්නකි. මෙම සංඛ්යාව විශේෂ කොට පවසා තිබීමට හේතුව, බොහෝ හදීස්වල වාර්තා වී ඇති පරිදි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ වයස අවුරුදු හැට තුනක් ජීවත් වූහ. ඒ අතුරින් එතුමාගේ නබිත්වයේ කාලය අවුරුදු 23කි. අවුරුදු හතළිහ සම්පූර්ණ වූ විට එතුමාට නබිත්වය ලැබීය. නබිත්වය ලැබීමට පෙර මාස හයක කාලයක් තිස්සේ නින්දෙන් සිහින දුටුහ. එය අළුයම උදාවේ පවතින පැහැදිලි දසුනක් මෙන් විය. පසුව අවදිව සිටියදී මලක්වරයාව දෑසින් දුටුහ. සිහිනෙන් දුටු වහීවල කාලය සමග මෙය සම්බන්ධ කළ විට එනම්: එම මාස හය නබිත්වයේ කාලය සමග සම්බන්ධ කළ විට අවුරුදු 23 කි. මාස හය යනු කොටස් 23න් එක් කොටසක අඩකි. එනම් කොටස් 46න් එක් කොටසක් වේ. සිහිනෙන් ඔබට වඩාත් සත්යය වූ දෑ කතාවෙන් ඔබට වඩාත් සත්යය වූ දෑ වේ. යන ප්රකාශය වනාහි, අල්ලාහ්ට සමීපව තම කතාවෙහි සත්යවාදියකුව මිනිසා සිටියේ නම් ඔහුගේ සිහිනය බොහෝ විට සත්යයට සමිප වූවක් වෙයි. බුහාරි හදීස්හි එය මෙසේ සඳහන් වෙයි. "යහපත් සිහිනය දැහැමි මිනිසා අතරිනි" තම කතාවේ සත්යයතාවක් නොපවතින පුද්ගලයා වනාහි, ඉන් පිටත හා ඇතුළත නපුරු දෑ ගෙන එයි. මෙය ෂෙයිතාන්ගේ ක්රියාදාමයෙන් වූ කොටසකි. ඉබ්නු කය්යිම් -රහිමහුල්ලා- මෙසේ පවසා සිටියි. කවරෙකු සැබෑ සිහිනය දකින්නට අපේක්ෂා කරන්නේද ඔහු සත්යය පවසත්වා අනුමත ආහාර ගනිත්වා නියෝග හා තහනම් පිළිපදිත්වා, කිබ්ලා දෙසට හැරී පූර්ණ පිරිසිදු බාවයෙන් යුතුව නිදා ගනිත්වා, නිදිමත එන තෙක් අල්ලාහ්ව මෙනෙහි කරත්වා එවිට ඔහුගේ සිහිනය බොරුවක් වීමට ඉඩක් නොමැත.