අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නබිත්වයෙන් (දිව්ය සම්බන්ධතා අතරින්) ශුභාරංචි දෙනු ලබන දෑ හැර වෙනත් කිසිවක් ඉතිරි වී නැත.” ඔවුහු: ශුභාරංචි දෙනු ලබන දෑ කුමක්ද? යැයි විමසුවෝය. එතුමා: ‘දැහැමි සිහිනය වේ’ යැයි පිළිතුරු දුන්හ. පූර්ව සාධක සහිත හදීසයකි - ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත
explain-icon

විවරණය

සැබැවින්ම දැහැමි සිහිනය වනාහි එය ශුභාරංචි දෙනු ලබන්නක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පෙන්වා දුන්හ. එය දිව්ය පණිවිඩ නතර වූ පසු ඉතිරිව ඇති දිව්ය පණිවිඩ වල බලපෑමයි. දැහැමි සිහිනය මිස එයින් දැන ගත හැකි වෙනත් කිසිවක් ඉතිරි වී නැත.

explain-icon

අමතර