බොරුවෙන් මහා බොරුව වනුයේ මිනිසා තමා නොදුටු දෙයක් තම සිහිනෙන් හෝ අවදිව සිටිය දී හෝ දුටු බව වාද කිරීමය. ඔහු ඔහුගේ වාදයේ සැබෑ ලෙසින්ම බොරුකාරයෙකි. හේතුව ඔහු කිසිවක් දැක නැත. අවදිව සිටියදී දුටු බවට පවසන බොරුවට වඩා සිහිනෙන් දුටු බවට පවසන බොරුව අති බැරෑරුම්ය. හේතුව තම සිහිනයේ දී මිනිසාට පෙන්වනු ලබනුයේ අල්ලාහ් වෙතින් වූවක් පමණි. එහෙයින් මෙම තත්ත්වයේ බොරු තෙපලීම අල්ලාහ් වෙත බොරු ගෙතීමකි.