නින්දේදී දකින සතුට දන්වන දැහැමි හීනය අල්ලාහ් වෙතින් වන බවත් ඒ සඳහා අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතු බවත් ඒ ගැන කතා කළ යුතු බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා මඟ පෙන්වූහ. එමෙන්ම දකින පිළිකුල් සහගත හා දුක දන්වන හීනය, ෂෙයිතාන්ගෙන් වන බවත් එහි හානියෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතිය යුතු බවත් එය කිසිවකුට නොපැවසිය යුතු බවත් එතුමාණෝ දන්වා සිටියහ. එසේ කළ විට දුටු හීනයේ පෙළ ගැසී ඇති හානි සහගත දැයින් ආරක්ෂාව ලබන්නට එය හේතුවක් බවට අල්ලාහ් පත්කරනු ඇත.