අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පවසා සිටියේය: අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මා සවන් දෙන සෑම දෙයක්ම ලිඛිතව ආරක්ෂා කිරීම පිණිස ඒවා සටහන් කර ගන්නෙකු ව සිටිමි. එවිට කුරෙයිෂ්වරුන් පිරිසක් මා වළක්වා මෙසේ පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණන් කෝපයෙහි හා සතුටෙහි සිටින විට කතා කරන මිනිසෙකි. ඇතැම් විට වැරදෙන්නට ඉඩ ඇත. පසුව මම ලිවීම නතර කළෙමි. පසුව ඔවුන් පවසා සිටි දෑ ගැන මම අල්ලාහ්ගේ දූතයාණන් වෙත දන්වා සිටියෙමි. එවිට එතුමාණෝ තම ඇගිල්ල තම කට දෙස පෙන්වා "ඔබ ලියන්න මාගේ ප්‍රාණය කවරෙකු අතෙහි ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. කෝපයෙහි හෝ සතුටෙහි ද කවර තත්ත්වයක පසුවුව ද මින් සත්‍යය මිස වෙනත් කිසිවක් පිට වන්නේ නැති" බව පැවසූහ. උත්තරීතර අල්ලාහ් ඔහුගේ නබිවරයාණන් ගැන මෙසේ පැවසීය: "තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි. එය හෙළි දරව් කරන ලද දිව්ය පණිවිඩ මිස නැත." (අන්-නජ්ම්: 3,4)